පෞද්ගලික ආරක්ෂාව සඳහා මිලදීගෙන ඇති තම ගිනි අවි භාරදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා කර ඇති නිවේදනය බලරහිත කරන ඊට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායක ඇවේන්රා' සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (23දා) නියෝග කළේය.
ව්‍යාපාරිකයෙකු වන තමන්ට මැර තර්ජන ඇතැයිද, රජයේ තීරණය සම්බන්ධයෙන් තමන් සහ පුත්‍රයන් දෙදෙනා ඇපෑලක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවුණු බවද පෙන්වා දෙමින් රජයේ තීරණය හේතුවෙන් තම ජීවිතවලට තර්ජන එල්ල විය හැකි බවද පවසමින් ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස නියම කෙරිණ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.ව්‍යවසායක ඇවේන්රා’ සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ලේකම්, වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥ සනත් විජයවර්ධන මහතා මඟින් පෙත්සම ඉදිරිපත් කරන දිනේෂ් ද සිල්වා මහතා පසුගිය අරගල සමයේදී තමන්ට අයත් මීගමුව හෝටලයට ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට විශාල අලාභ හානි සිදු වූ බවත්, තමන් සන්තකගේ තිබූ ඊවොල්වරයක් සහ ඊපීටර් තුවක්කු නක්ද අස්ථානගත වූ බවත් සඳහන් කර ඇත.
තත්ත්වය එසේ තිබියදී පුද්ගලයන්සතු සියලුම අවි ආයුධ යළි භාරදෙන ලෙස නියෝග කරමින් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ආරක්ෂක ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කළ බවත්, ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ට මැර තර්ජන ඇති බැවින් කෝටි ගණනක මුදල් වියදම් කර බලපත්‍ර සහිත ගිනිඅවි ලබාගත් බවත්, ඊට අදාළ බදු මුදල් රජයට ගෙවන බවත් සඳහන් කර ඇත.
ආරක්ෂක ලේකම්වරයාගේ තීරණය හේතුවෙන් තම ජීවිතයට තර්ජන එල්ල විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් තමන් සහ තම පුත්‍රයන් දෙදෙනා ඇපෑලක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවූ බව සඳහන් කරන පෙත්සම්කාර දිනේෂ් ද සිල්වා මහතා, ආරක්ෂක ලේකම්වරයාගේ චක්‍රලේඛය නීතියට පටහැනි බවද සඳහන් කර ඇත.
එහෙයින් ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ අදාළ චක්‍රලේඛය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඔහු ඉල්ලා සිටී.ආරක්ෂක අමාත්‍යාශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස නොබෝදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මෙම මස 30 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලිණ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කරුණු දක්වමින්, ගිනි අවි ආපසු භාර දෙන ලෙස කර ඇති නියමයට එරෙහිව සිය සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි කීය.එම අභියාචනයේ තීන්දුවක් ලැබෙන තුරු ගිනි අවිය තමන් සන්තකයේ තබා ගැනීමට අවස්ථාව දෙන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින්, මීට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගෙන කරුණු දැක්වීමට දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල කරුණු තහවුරු කිර්ම සඳහා පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
(බුද්ධිමාල් රුබේරු)
0 Comments