bandula-retired-politics

ඉදි­රියේ දී පැවැ­ත්වී­මට නිය­මිත පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණය සඳහා තමන් ඉදි­රි­පත් නොවන බව හිටපු ප්‍රවා­හන, මහා මාර්ග සහ ජන­මාධ්‍ය කැබි­නට් ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඊයේ (04) දින පැව­සීය. තමන් වසර විස්ස­කට වැඩි කාල­යක් හෝමා­ගම මැති­ව­රණ කොට්ඨා­සය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පැමිණ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යකු,

කැබි­නට් ඇමැති තන­තුරු ගණ­නා­වක් දර­මින් කළ හැකි උප­රි­ම­යෙන් ජන­තාව වෙනු­වෙන් සේවය කළ බවත් ඒ මහතා පැව­සීය.

පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය සඳහා මහ­ජන නියෝ­ජි­ත­යකු නොමැ­තිව වසර ගණ­නා­වක් අස­ර­ණව සිටි හෝමා­ගම මැති­ව­රණ කොට්ඨා­සයේ ජන­තාව වෙනු­වෙන් එම නග­රය දැනුමේ කේන්ද්‍ර­ස්ථා­න­යක් හෙවත් ප්‍රඥා බන්දු පුර­ව­ර­යක් බවට පත්ක­ර­ලීම සඳහා කළ හැකි සියල්ල සිදු කළ බවත් ඒ පිළි­බ­ඳව තමන් සතුටු වන බවත් පැව­සීය. ඉදිරි වසර කිහි­පයේ දී තවත් ආචාර්ය උපා­ධි­යක් සඳහා ඉගෙ­නුම සඳ­හාත් චිත්‍ර­ප­ට­යක් නිර්මා­ණය කිරී­ම­ටත් අද­හස් කර­මින් සිටින බව ද ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.
(මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි)