bangladesh-protest-yunus
බංග්ලාදේහයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා අගෝස්තු 5 වන දින ඉල්ලා අස්වී රටින් පලා ගිය පසු අරගලකරුවන්ගේ ඉල්ලීම පරිදි අන්තර්වාර පරිපාලනය භාරගත් ආචාර්ය යූනුස්ටද දැන් සිය නිවසේ වාසය කරන්නට බැරි තත්වයක් උද්ගතවෙමින් පවතී.දැනට ඇදවැටී ඇති රටේ ව්‍යාපාර වල පාඩුව මහජනතාවගේ ජිවත්වීමේ මූලික හැකියාවන් අහිමිකර තිබීම නිසා විශාල පීඩනයක් ඇති කර තිබෙන අතර ඇඟළුම් කම්හලක් විවෘත නොකිරීම ගැන විරෝධතාවයක් උත්සන්න වීමෙන් පසු ඔවුන් ආචාර්ය යූනුස්ගේ නිවස වෙත ගමන් කිරීමට උත්සාහ දැරීමේදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන තිබේ.රාජ්‍ය සේවයේ රැකියා සඳහා ඇතුළත් වීමේ වයස අවුරුදු 35 න් ඉහළට දමන ලෙස ඉල්ලා තවත් උද්ඝෝෂකයින් පිරිසක්ද මෙම විරෝධතාවට එක්ව තිබුණි.


සඳුදා බංග්ලාදේශයේ අගනුවර සහ අවට ප්‍රජාවන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතා හේතුවෙන් ඩකා අසල ඇඟලුම් කම්හලකින් පිටත විරෝධතාවයේ නිරත කම්කරුවන්ට ආරක්ෂක හමුදා වෙඩි තැබූ අතර, එක් අයෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවිය.
ගැටුමකදී අෂුලියා කාර්මික ප්‍රදේශයේ මැන්ගෝ ටෙක්ස් ලිමිටඩ් හි ක්‍රියාකරුවෙකු වූ කව්සර් හොසේන් ඛාන් (26) මිය ගිය බව ඩකා පොලිසිය තහවුරු කළේය.

මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර පරිපාලනය විසින් පසුගිය මාසයේ අගභාගයේදී පනවන ලද රජයේ ගොඩනැගිලි අසල මහජන රැස්වීම තහනම ත් රැකියා විරහිත පුද්ගලයින් සහ ක්‍රියාකාරීන් විරෝධතා තහනමත් නොතකා නීතිය අතට ගැනීම නිසා මෙම ගැටුම් ඇති විය .
අගෝස්තු 25 පනවා තිබූ මෙම තහනම නොතකා රැස් වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට යුනුස්ගේ නිල නිවස අසල පොලිසිය කඳුළු ගෑස් කැනිස්ටර් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කළේය. එම විරෝධතාකරුවන් කොටසක් ඉල්ලා සිටියේ රාජ්‍ය සේවයේ රැකියා සඳහා ඇතුළත් වීමේ වයස අවුරුදු 35 න් ඉහළට දමන ලෙසයි, එය වසර පහකින් වැඩි කරන ලෙසයි.
ඇඟළුම් සේවකයින් සිය සේවාස්තාන වසාදැමීමේ ප්‍රශ්නය වෙනුවෙන් එතැන විරෝධතා දක්වා තිබුණි.



වසර 15ක් අඛණ්ඩව රට පාලනය කළ හසීනා, විශ්වවිද්‍යාල උපාධි ඇති තරුණ තරුණියන්ට එම තනතුරු සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීම සඳහා සිවිල් සේවයට සහ රජයේ රැකියා සඳහා කෝටා සංශෝධනය කළ යුතු යැයි ඉල්ලා ජූලි මාසයේ ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා මධ්‍යයේ බලයෙන් පහත වැටුණි.

සඳුදා විරෝධතා පැවැත්වුණේ,  යුනුස්, නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමෙන් දින තුනකට පසුවය. එහිදී ඔහු හසීනා බලයෙන් අතුගා දැමූ තරුණයන් විසින් මෙහෙයවන ලද “මෝසම් විප්ලවය” ගැන කතා කර සති අන්තයේ ඩකා වෙත ආපසු ගියේය.


ඇඟලුම් සේවක එකමුතු සංසදයේ සභාපතිනි මුෂ්රේෆා මිෂු පැවසුවේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව කම්කරුවන් විරෝධතාවයේ නිරත වූ බවයි.

“ කම්කරුවන්ට ආණ්ඩු විරෝධී විරෝධතා හේතුවෙන් ජූලි මාසයේ සිට වැටුප් ලැබී තිබුනේ නැහැ කර්මාන්තශාලාව මාස තුනක් තිස්සේ වසා තිබුනා - ඔවුන්ට එය විවෘත කර ඔවුන්ගේ හිඟ මුදල් ලබා ගැනීමට අවශ්‍ය වුණා- නමුත් වෙඩි තබා මෙම ගැටලුව යටගහන්න හැදුවා.
මෙය යුක්තියද? අලුත් ආණ්ඩුවෙන් අපිට මොනවද ලැබෙන්නේ?” ඇය කීවාය.