
රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අද 30 වැනිදායින් පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.මේ අනුව සියලුම බංගලා අද දිනයේ බාර දී අවසන් කළ යුතුවේ.
හිටපු අමාත්‍යවරුන් දොළොස්දෙනකු රජයේ නිල නිවාස තවමත් බාරදී නැති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.හිග ජල සහ විදුලි බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමෙන් පසු නිල නිවාස බාර දෙන්නැයි අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
හිඟ බිල්පත් සහිතව නිල නිවාස බාර නොගන්නා බව ද අමාත්‍යාංශය පවසයි.මේ අතර හිටපු අමාත්‍යවරුන්ගේ බංගලාවල ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂා දැනට අවසන් කර ඇත. රජයට අයත්අ මාත්‍ය නිල නිවාස සංඛ්‍යාව 28 කි.
( සුජිත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval