bentota-phone-clip-incident

බෙන්තොට හුංග­න්තොට ප්‍රදේ­ශ­යේදී බාල­ව­ය­ස්කාර අවු­රුදු දහ­හ­ත­රක් වන පාසල් සිසු­වි­යක් ලිංගික අප­යෝ­ජ­නය කළ බව කියන සැක­කාර 48 හැවි­රිදි විවා­හක පුද්ග­ල­යකු බෙන්තොට පොලි­සිය මඟින් ඉකුත් 15 වැනිදා පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි.



වින්දිත දැරි­යගෙ පියා තවත් දරු­ව­කුව අති­රේක පන්ති­ය­කට රැගෙන ගොස් මවද නිවෙසේ නොසිටි අව­ස්ථාවේ මෙම සිදු­වීම සිදු වී ඇතැයි දැරි­යගේ පියා පොලි­සි­යට කළ පැමි­ණිල්ල අනුව පරී­ක්ෂණ සිදු කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

සැක­කාර පුද්ග­ලයා මෙම දැරි­යට විටින් විට විවි­ධා­කා­රයේ ජංගම දුර­ක­තන දර්ශන නැර­ඹී­මට ඉඩ සලස්වා ඇයට ළෙන්ග­තු­ක­මක් පෙන්වා ඒ ඇසි­ල්ලෙන් මෙලෙස දැරිය අප­යෝ­ජ­නය කිරී­මට පොල­ඹ­වා­ගෙන ඇතැයි පරී­ක්ෂණ සිදු කරන පොලි­සිය අනා­ව­ර­ණය කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­වල ප්‍රධාන දාය­ක­යකු ලෙසද පෙනී සිටි­මින් කට­යුතු කර­න්නෙක් බවත් දැව ආශ්‍රිත ව්‍යාපාර කට­යු­තු­වල නියුතු අයකු බවත් විම­ර්ශන සිදු කරන පොලි­සිය වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය කරයි.

සිද්ධි­යට මුහුණ පෑ වින්දිත දැරිය බල­පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර සැක­කරු අද(16) බල­පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.
(අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා)