bibila-incident

බිබිල සිට බදුල්ල බලා ධාව­නය වෙමින් තිබූ පෞද්ග­ලික බස් ර­ථ­යක ගමන් ගත් ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන සර­සවි සිසු­වි­යක් ඊයේ (22) ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පිට දී බස් ර­ථ­යෙන් ඇද වැටී බර­ප­තළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව බදුල්ල පොලි­සිය පව­සයි.



මෙසේ තුවාල ලබා රෝහ­ල්ගත කර ඇත්තේ කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය හදා­රන සර­සවි සිසු­වි­යක යැයි පොලි­සිය පව­සයි.

මෙම සිසු­විය බදුල්ල පස්සර පාර 3 කණුව ප්‍රදේ­ශයේ නේවා­සි­කා­ගා­ර­යක සිට ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ල­යට යාමට බිබිල සිට බදුල්ල බලා ධාව­නය වූ පෞද්ග­ලික බස් ර­ථ­ය­කට 3 කණුව ප්‍රදේ­ශ­යේදී ගොඩවී ඇති අතර, ඇය ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පිට දී බස්ර­ථ­යෙන් බැසී­මට යාමේදී පිටු­පස දොරෙන් බිමට ඇද වැටී තුවාල ලබා ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මැයගේ පාද­ය­කට බර­ප­තළ ලෙස තුවාල සිදු වී ඇති බවත්, ඇය සැත්ක­ම­කට භාජ­නය කිරී­මට නිය­මිත යැයි රෝහල් ප්‍රකා­ශ­යකු පැවැ­සීය.

බදුල්ල පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.
(සී .ගමගේ - සොර­ණා­තොට)