
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වෙයි.
ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට (7) සිට ගෙයින් ගෙට පැමිණෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළාය.
පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කර තිබූ අතර මෙවර සංගණන දත්ත වල වෙනස්කම් රැසක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කරයි.
මුල් වතාවට දත්ත පිරවීමට නිලධාරීන් ටැබ් පරිගණක යන්ත්‍ර භාවිතා කරන අතර ඒ නිසා සංගණනයේ ප්‍රතිඵල ඉක්මණින් විශ්ලේෂණය කිරීමට හැකි පරිදි දත්ත ගබඩාව යාවත් කාල කිරීමට අපේක්ෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval