කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තුන් හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු පෙරේදා 12 රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ නාගොඩ, වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අරූෂ අසංක ප්‍රනාන්දු (21), තනූ නිකේෂ් (අවු. 1යි මාස 10) හා රොෂාන් ජානක (47) තිදෙනාය. මියගිය හතළිස් හැවිරිදි තැනැත්තා දෙදරුපියකි.
මියගිය අරුෂ ප්‍රනාන්දු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන අතර, පෙරේදා (12) සවස ඔහු සිය දරුවා සමඟ දුම්රියට පැන සියදිවි නසාගන්නා බව පවසමින් සිට ඇතැයි කළ විමර්ශනවලදී අනාරවරණය වූ බව පොලීසිය පවසයි. පෙරේදා (12) සවස 5.30ට පමණ ඔහු සිය දරුවාද රැගෙන පිටව ගොස් ඇති අතර,
ඒ බව දැනගත් අසල්වාසි මිතුරා ඔහු සොයා යෑමේදී ඔහු කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ වේදිකාව මත සිට ඇතැයි පොලීසියේ සඳහන් කරයි. මඳ වේලාවකදී බෙලිඅත්ත සිට මරදාන බලා ගමන් ගත් ශීඝ්‍රගාමි දුම්රිය පැමිණීමේදී මියගිය අරූෂ අසංක දරුවත් රැගෙන එක්වරම දුම්රිය මාර්ගයට යෑමත් සමඟම මියගිය රොෂාන් ජානකද ඔවුන් පසුපස දිව යෑමේදී දුම්රියේ පිය පුතු දෙදෙනා ගැටී ඇති අතර ඒ සමඟම මඳක් ඈතින් සිටි රොෂාන් ජානක දෙදරු පියා දුම්රියට සහ වේදිකාව අතර සිරවී ඇඹරී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදු වූ ස්ථානයේදීම දරුවාගේ පියා සහ ඔහුව බේරාගැනීමට පැමිණි මිතුරා වන රොෂාන් ජානක මියගොස් තිබූ අතර, කුඩා දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මඳ වේලාවකදී මියගිය තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලාන් යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මේ අතර මරණයට පත් දරුවාගේ මරණය මිනීමැරුමක්දැයි සැක සිතෙන බැවින් එම පරීක්ෂණ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඊයේ (13) දහවල් දකුණු කළුතර පොලිසියේ සැරයන් (55318) සිල්වා මහතාට නියම කළේය. මිය ගිය දරුවා පියා විසින් විසි කළේදැයි ඇති වූ සැකයක් මත මේ පරීක්ෂණ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබිණි.
මරණයට පත් ඉතිරි දෙදෙනාගේ මරණ පරීක්ෂණ කළුතර කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක නිරෝෂා දිල් රුක්ෂිනී මහත්මිය ඉදිරියේ පැවැත්වුණු අතර, සිද්ධිය ඇසින් දුටු දුම්රිය රියැදුරාගේ සාක්ෂිය ගැනීම පසුවට කල් තබන ලදි. මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරි එන්.එල්.එල්. ජයසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි.
0 Comments