Hambantota-Governor-General-transferred-to-the-Ministry-mistakes-during-the-election

 හම්බන්තොට මහ දිසාපති එච්.පී. සුමනසේකර ඉවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමක් මත ඔහු ඉවත්කර ඒ වෙනුවට නව දිසාපතිවරයෙක් පත් කරනු ලැබ සිටී.



හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති එච්.පී. සුමනසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ නීති සහ උපදෙස් පිළිපැදීමකින් තොරව මැතිවරණ සමයේ කටයුතු කරන බවට චෝදනා එල්ලවී තිබිණ.


ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.


එම තනතුර සඳහා දැනට දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ග්‍රාමීය සංවර්ධන,

සංස්කෘතික කටයුතු, සමාජ සුභසාධන හා පරිවාස, ළමා රක්ෂණ සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදි කිරීම නිවාස රැකීරක්ෂා අමාත්‍යාංශය ලේකම් ලෙස කටයුතු කළ ඒ. බී. ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා පත් කරනු ලැබ සිටී.ඔහුගේ පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ. ඉන්ද්‍රජිත් මහතා ඉකුත්දා සිය තනතුරේ වැඩ බාර ගත්තේය.