9pm update
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද සන්ධ්‍යා කාලයේ රැගෙන ආ අතර ඔහු ලබන නොවැම්බර් 07 දක්වා සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (31) පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු පසුව ඔහුව මිරිහාන පොලිසිය වෙත රැගෙන එනු ලැබූ අතර මිරිහාන පොලිසියේදී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවිණි.
1pm update
සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටියදී අතුරුද්නව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පොලිසිය අද සොයාගෙන ඇති අතර මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබී තිබුණු තොරතුරක් අනුව පොලිසිය රථය පරීක්ෂා කර තිබුණි.
එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ,
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටය.
මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ඔහුගේ බිරිද සහ පුතු ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි මාර්ග ඊයේ සදහන් කර තිබූ අතර ඔවුන්ගේ ජංගම දුරකතනද විසන්ධි කර ඇතැයි වාර්තා කර තිබුණි.
පොලිස් බාරයට ගත් මෝටර් රථයේ තිබී මීට මාස කීපයකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකින් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත් තුනක් පොලිස් නිලධාරීන්ට හමුවී තිබූ අතර එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් කවුරුන් දැයි හඳුනා ගැනීම සඳහා එම වෙළෙඳසල් කරා විශේෂ පොලිස් කණ්ඩායමක් ගියද වැඩිතොරතුරු සොයාගන්නට බැරිවූයේ සීසීටීවී දර්ශන කල් ප්‍රමාද වී මැතීගොස් තිබූ නිසාය. වාහනයේ එන්ජිම සහ චැසි අංක ඔස්සේ කළ විමර්ශනවලදී මෙම සුබෝභෝගී මෝටර් රථය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවට තහවුරු වී තිබුණි.
රජයට අයත් මෝටර් රථයක් සාලාව පාරේ නිවසක ගරාජයක තිබෙන බවට පොලිස් මූලස්ථානයට ලැබුණ තොරතුරක් අනුව ඉකුත් (25) වැනිදා මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවස අසලට ගියද සුවිසල් නිවස වසා ප්‍රධාන
ගේට්ටුවද වසා නිවසේ කිසිවකු නොසිටි බව දැකගන්නට ලැබිණි. නිවසේ ගරාජයේ සුදු පැහැති මෝටර් රථයක් ගාල් කර ඇති බවටද පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණයවී තිබිණ.
අනතුරුව පොලිස් නිලධාරින් එම නිවසේ හිමිකාරිත්වය පිළිබඳ සොයා බැලීමේදී නිවස හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශි පබා රත්වත්ත. මහත්මියට අයත් එකක් බවත් නිවසේ මාස හයක පමණ කාලයක් සිට කිසිවකු පදිංචිව නොසිටි බවටත් තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි.අනතුරුව ඒ සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිසිය හිමිකාරිය සමග දුරකතනයෙන් සම්බන්ධ වී නිවස විවෘත කරන ලෙසට කරන ලද දැනුම්දීමක් අනුව. ඇයගේ ඥාති දියණියක පැමිණ ඉදිරිපස ගේට්ටුව විවෘත කර මෝටර් රථය පොලිස් නිලධාරින්ට පෙන්වා තිබිණි
එම මෝටර් රථයේ ඉදිරිපස සහ පසුපස අංක තහඩු ගලවා ඉවත් කර ඇති බවට එම අවස්ථාවේදී නිරීක්ෂණය වී තිබිණි.ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ ලබා ගත් අතර ඔහුගේ බිරිඳගෙන් ගරාජය තුළ තිබෙන මෝටර් රථය සම්බන්ධයෙන් කළ විමසීමේදී එම මෝටර් රථය ඉකුත් (20) වැනිදා කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ පිහිටි රත්වත්තේ පවුලට අයත් වලව්වට සම්බන්ධ කර ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල තුල හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත් තම ස්වාමි පුරුෂයාගේ පෞද්ගලික ලේකම්වරයා
වූ සංජීව බස්නායක නමැත්තා මීට සති තුනකට පමණ ඉහතදී ගෙන ආ එකක් බවට ප්‍රකාශ කර තිබිණි.
අනතුරුව ගරාජයේ ගාල්කර තිබූ සුඛෝභෝගී මෝටර් රථය දැඩි පරිශ්‍රමයක් යොදවා මිරිහාන මූලස්ථාන පොලිස් භූමියට රැගෙන ඒමෙන් අනතුරුව එහි දොරවල් විවෘත කර නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්, ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන්, මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂාවට ලක් කළහ.
මේ ගැන වැඩිදුර තොරතුරු සොයිමින් සි්ටියදී රත්වත්තේ පවුලම අතුරුදන්ව සිටි අතර අද මහනුවරදී ඔහු අත්අඩංගුවට පත්වන්නේ එම විමර්ශන කන්ඩායමට ලැබුණ තොරතුරක් මතය.
ලොහාන් රත්වත්තේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උඩතලවින්ක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හා සිරකරුවන්ට බීමත්ව මරණ තර්ජන කිරීමේ සිද්ධි නිසා කලක් ලොහාන් ආන්දෝලනාත්මක පුවත් මැවූ අයෙකි.
0 Comments