Security-beefed-up-in-Colombo-other-areas-where-Jewish-Chabad-houses

ඊශ්‍රායල සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමෙන් පසු කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක චබාද් නිවාස (යුදෙව් යාඥා ශාලා) අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර පොලිස් මුර සංචාර වැඩි කර තිබේ.


කොළඹ ග්‍රීන්පාත් හි පිහිටි මෙවන් එක් මධ්‍යස්ථානයක ලබාදී ඇති ආරක්සාව ඡායාරූප වල දැක්වේ.
චබාද් නිවාස යනු සාම්ප්‍රදායික යුදෙව් ආගම ව්‍යාප්ත වන ස්ථාන වේ. ශ්‍රී ලංකාවේ චබාද් නිවසද ක්‍රියාත්මක වන්නේද එම මාර්ගයේමය. චබාද් නිවස නිවසට පැමිණෙන පුද්ගලයින් සඳහා විවිධ ක්‍රියාකාරකම් සහ සේවාවන් සංවිධානය කරයි. එය සියලුම යුදෙව් අවශ්‍යතා සඳහා සේවා සපයන අතර සිනගෝගයක්, මික්වා, පුස්තකාලයක් සහ කොෂර් අවන්හලක් ඇත.

ඊශ්‍රායල සංචාරකයින් පැමිණෙන කොළඹ, ආරුගම්බේ, ඇල්ල සහ වැලිගම ප්‍රදේශවල චබාද් නිවාස ආසන්නයේ ආරක්ෂාව තර කර තිබෙන අතර ආරුගම්බේ, ඇල්ල, වැලිගම, අහුන්ගල්ල යන ප්‍රදේශවල මේ මස මුල සිට ඇති කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අනුව මෙය සිදුවිය.