THE-PRINCE-and-PRINCESS-OF-WALES-IN-THEIR-FIRST-JOINT-ENGAGEMENT-SINCE-2023-AS-THEY-UNITE-ON-EMOTIONAL-TRIP

බ්‍රිතාන්‍ය රජ පවුලේ වේල්ස් කුමරිය, කේට් මිඩ්ල්ටන් පිළිකා ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසු පසුගියදා තම පළමු රාජකාරි කටයුත්තේ නිරත වූවාය. ඇය හදිසියේම තම සැමියා වන කුමරු විලියම් සමඟ මර්සිසයිඩ් හි සවුත්පෝට් වෙත ගොස් දූ දරුවන් අහිමි වූ දෙමාපියන් හමු වූවාය.


ජූලි මාසයේදී නිවාඩු කාලීන වැඩමුළුවක් අතරතුර මියගිය තරුණ දැරියන් තිදෙනෙකුගේ පවුල් සමඟ කතා කිරීමට ඔවුන් පැය භාගයක් ගත කළහ. තවද එම අවස්ථාවන්හිදී හදිසි ප්‍රතිචාර දැක්වූවන් සමඟද කතාබහ කළහ.
මෙම ගමන කේට්ගේ සුවවීමේ ගමනේ සුවිශේෂී අවස්ථාවක් වූ අතර, ඇය හා විලියම් යන දෙදෙනාම මෙම ප්‍රජාව අමතක කර නොමැති බව පෙන්වීමට මෙවන් දෙයක් කිරීමට අවශ්‍ය වී තිබුණි. මෙම යුවළ එක්ව මේ ආකාර සමාජ සත්කාර කාර්යයක නිරතවන්නේ 2023න් පසු වසරකට වැඩි කාලයකට පසුය. ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න ඊට හේතු විය.
රාජකීය වාර්තාකරුවන් පවසන්නේ කේට් සහ විලියම් මෙම හමුවේදී "අතිශයින්ම චිත්තවේගී" සංවාදවල නිරත වූ බවයි. ඔවුන්ගේ දරුවන්ගේ වයසේම දරුවන් සිටින දෙමාපියන් වන නිසා මෙම සිදුවීම ඔවුන්ට වඩාත් සමීප වූ බව පෙනේ.
කේට් තම පුද්ගලික අභියෝග ජයගත් ආකාරය පිළිබඳ කිසිදු සලකුණක් නොපෙන්වූ අතර, හදිසි ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඇසූ දේ ගැන ඇය සංවේදීව කටයුතු කළාය.