chilaw-family-murder

 හලා­වත සිංහ­පුර පාරේ පදිංචි කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ නිවෙසේ සිදුව ඇති මරණ තුන පිට­ස්තර සම්බ­න්ධ­යක් නොමැ­තිව නිවෙස තුළම සිදුවූ යම් සිදු­වී­මක ප්‍රති­ඵ­ල­යක් බවට පොලි­සිය සැක කරයි.

රජයේ රස පරි­ක්ෂ­ක­ව­රයා විසින් ඊයේ (20) එම ස්ථානය පරි­ක්ෂා­වට ලක් කළ බවත් රස පරි­ක්ෂක වාර්තාව අනුව ඝාත­න­යක් ද නැත­හොත් සිය දිවි නසා ගැනී­මක් ද යන්න අනා­ව­ර­ණය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය.

ඒ හැරුණු කොට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් ද මෙම මරණ සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණ­ය­ කර ගැනී­මට හැකි­වනු ඇති බව හලා­වත පොලි­සිය සඳ­හන් කරයි.

මෙම අප­රා­ධය සිදුවූ නිවසේ දොර ජනෙල් සියල්ල අගුල් ලා තිබී ඇති බවත් නිවස තුළ ගින්නක් ඇති බවට පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව හලා­වත ගිනි නිවීමේ අංශයේ නිල­ධා­රීන් එහි ගොස් නිවස තුළට ඇතුළු වී ඇත්තේද දොර අගුල් කඩා දමා බව ද පොලි­සිය කියයි.

සිද්ධිය වූ ස්ථානයේ ලේ පැල්ලම් දක්නට ඇති බවත් නිවසේ දොර තිබී ඇත්තේ ඇතු­ළ­තින් අගුල් ලා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැවැ­සීය. ඒ හැරුණු කොට නිවසේ සෑම ජනේ­ල­යක් මෙන්ම සෙසු දොර­වල්ද තිබී ඇත්තේ ඇතු­ළ­තින් අගුල් ලා බැවින් පිට­ස්තර කිසි­ව­කුත් නිව­ස­තු­ළට ඇතු­ළුවී පිටව ගිය බවට සාක්ෂි කිසි­වක් ඊයේ සවස් වන තුරුම කළ පොලිස් පරී­ක්ෂා­වෙන් සොයා ගැනී­මට හැකි­යාව ලැබී නැත.


මෙම මළ සිරුරු තුන පොලි­සිය සොයා ගන්නේ ඊයේ උදෑ­සන කාල­යේ­දීය. මෙලෙස මිය­ගොස් ඇත්තේ ඇත්තේ 52 හැවි­රිදි එස්.ජී.සේනා­රත්න නමැති ව්‍යාපා­රි­ක­යාත් ඔහුගේ, බිරිය 43 හැවි­රිදි මංජුලා නිරෝ­ෂනී හා 15 හැවි­රිදි දිය­ණිය වූ නෙත්මි නිමේෂා නමැති තිදෙ­නාය.

ව්‍යාපා­රික එස්.ජී. සේනා­රත්න මහතා හලා­වත නග­රයෙ පර්ල් ලැන්ඩ් සේල් නැමති ඉඩම් කැබලි කර අලෙවි කිරීමේ ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත් ඔහුගේ බිරිය වන මංජූලා නිරෝ­ෂනී මහ­ත්මිය හලා­වත ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංව­ර්ධන නිල­ධා­රී­නි­යක් ලෙස මුන්නේ­ෂ්ව­රම වසම භාරව කට­යුතු කර ඇති බවත් දිය­ණිය හලා­වත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණියේ අධ්‍යා­ප­නය හදා­ර­මින් සිට ඇති බවත් පොලි­සිය සඳ­හන් කරයි. බිරිය නිවසේ උඩු මහලේ කාම­ර­යක ගෙල කඳින් වෙන්වන තර­මට කපා ඝාත­න­ය­කර තිබී ඇත. එම මළ සිරුර පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ගෙල කපා ඇයව මරා දමා ඇත්තේ පෙරේදා (19) දින පෙර­ව­රු­වේදී හෝ දහ­වල් කාලයේ දී බවය. ඒ සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි නිග­ම­න­ය­කට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ දී කරුණු තහ­වු­රු­වනු ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.


ව්‍යාපා­රි­කයා හා ඔහුගේ 15 හැවි­රිදි දිය­ණි­යගේ සිරුරු තිබී ඇත්තේ නිවසේ සාලය තුළය. නිවසේ ගෘහ උප­ක­රණ ඇතුළු ද්‍රව්‍ය මත ඉන්ධන වර්ග­යක් යොදා සිරු­රු­ව­ලට ගිනි තබා ඇති බව ද විම­ර්ශ­නයේ දී පොලි­සි­යට පෙනී ගොස් තිබේ. එම සිරුරු දෙක ගින්නට බොහෝ සේ පිළිස්සී තිබී ඇත. එම සිරුරු හඳුනා ගැනී­මට නොහැකි තර­මට හානි වී ඇත. එම ගින්න නිවසේ පහත මහ­ලය පුරා පැතිර ගොස් තිබී ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මෙම ව්‍යාපා­රි­කයා පෙරේදා (19) දහ­වල් කාලයේ දී නිවසේ ගත­කර ඇති බවට සැක­ක­රන තොර­තුරු ඇති බවත් දිය­ණිය උප­කා­රක පංති­ය­කට සහ­භා­ගි­වී­මට නිව­සින් බැහැර ගොස් සිට ඇති බවත් විම­ර්ශ­නයේ දී තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. උප­කා­රක පංතිය අව­සන්ව ඇය සිය යෙහෙ­ළි­ය­කගේ නිව­ස­කට ගොස් සිට ඇති බවත් රාත්‍රී 8.15ට පමණ ව්‍යාපා­රි­කයා දුර­ක­ථන ඇම­තු­මක්දී යතුරු පැදි­ය­කින් ගොස් දිය­ණි­යව යෙහෙ­ලි­යගේ නිවසේ සිට රැගෙ­න­විත් ඇති බවත් පොලි­සිය කියයි. ඇය ඝාත­නය වී ඇත්තේ ඒ පැමිණි විට­දීය. පොලි­සිය සැක­ක­රනු ලබන්නේ ඒ වන විටත් ඇගේ මව නිවසේ උඩු­ම­හලේ කාම­රය තුළ ඝාත­නය වී ඇති බවය. ඇයව ඝාත­නය වී ඇත්තේ නිව­සට පැමිණ සුළු වේලා­ව­කින් විය හැකි බව පොලි­සිය සැක කරයි.

ව්‍යාපා­රික කට­යුතු හේතු­වෙන් මෙම ව්‍යාපා­රි­කයා මුදල් ගැටලු රැස­ක­ටද පසු­ගිය කාලයේ මැදිවී සිට ඇති බවට තොර­තු­රුද පොලි­සි­යට ලැබී තිබේ.


හලා­වත - කුරු­ණෑ­ගල පාරේ ව්‍යාපා­රි­ක­යාගේ බිරි­යට අයත් අක්කර 05ක ඉඩ­මක් තිබී ඇති බවත් එම ඉඩම කට්ටි­කර විකි­ණීම සඳහා ව්‍යාපා­රි­කයා උත්ස­හ­යක නිර­තව ඇති බවට තොර­තු­රුද විම­ර්ශ­නයේ දී පොලි­සි­යට ලැබී ඇත. ඊට බිරිය සිය අක­මැත්ත ප්‍රකාශ කිරීම හේතු­වෙන් ඔවුන් දෙදෙනා අතර ආර­වු­ලක්ද තිබී ඇති බවට සැක­ක­රන තොර­තු­රුද පොලි­සි­යට ලැබී තිබේ.

ඒ සම්බ­න්ධ­යෙන් වූ ආර­වු­ලක් මුල්ක­ර­ගෙන බිරිය හා දරුවා ඝාත­න­ය­කර ව්‍යාපා­රි­කයා සිය­දිවි හානි­ක­ර­ගෙන තිබේ­දැයි යන්න පිළි­බඳ සැක­යක්ද පොලිස් විම­ර්ශ­ක­යන්ට පැන නැ‍ඟී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් නිශ්චිත නිග­ම­න­ය­කට එළඹ නැති බවත් රස පරී­ක්ෂක සහ අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් අන­තු­රුව පැහැ­දිලි තොර­තු­රක් අනා­ව­ර­ණය වනු ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය.

මෙම නිවසේ තිබූ රත්‍රන් පවුම් තොග­යක් සොර­කම් කිරී­මක් සම්බ­න්ධ­වද පොලි­සිය පරී­ක්ෂ­ණ­යක් සිදු­කර තිබුණි. ඒ පිළි­බඳ ද මෙතෙක් කිසිදු තොර­තු­රක් අනා­ව­ර­ණය වී නැත.

හලා­වත නග­රයේ ජනා­කීර්ණ පෙදෙ­සක් වූ සිංහ­පුර පාර ගම්මා­නය තුල පදිං­චි­ක­රු­වන්ට නිවසේ ගිනි ගැනීම හැර කිසිදු ශබ්ද­යක් අලු­යම් කාලය දක්වා නිවස තුළින් ඇසි නැති බව ද පොලි­සිය කියයි. අලු­යම් කාලයේ දී නිවසේ ඇති­වුණු ගින්න පම­ණක් අස­ල්වැ­සි­යන් දැක ඇති බවත් පොලි­සිය මෙන්ම ගිනි නිවීම් සේවා නිල­ධා­රීන් එහි පැමි­ණෙ­නුයේ අස­ල්වැ­සි­යන් ලබා­දුන් තොර­තුරු ඔස්සේ බවත් පොලි­සිය සඳ­හන් කරයි.

සිද්ධිය සැල­වී­මත් සමඟ මෙම ව්‍යාපා­රි­ක­යාගේ උපන් ගම පිහිටි නික­වැ­ර­ටියෙ ඥාතීන් හා මහ­කු­ඹු­ක්ක­ඩ­වල පදිංචි ඥාතින්ද විශාල පිරි­සක් පැමින සිදුවූ සිදු­වී­මේන් මහත් වේද­නා­ව­ටත් කම්පා­ව­ටත් පත්ව සිටින ආකා­රය දැක ගත හැකි විනි.


අදාළ ස්ථාන­වල පොලිස් ස්ථානීය අප­රාධ පරි­ක්ෂණ නිල­ධා­රීන්, පොලිස් ඇගිලි සල­කුණු ලබා ගැනීමේ නිල­ධා­රීන් සමඟ විශේෂ කාර්ය බල­කායේ පුත්ත­ලම කඳ­වුරු නිල­ධා­රීන්ද පරි­ක්ෂණ සඳහා එක්ව තිබුනි.

අදාළ ඝාතන සිදුවූ නිව­සට හලා­වත මූලික රෝහලේ අධි­ක­රණ විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා ඇතුළු කණ්ඩා­යම පැමින පශ්චාත් මරණ පරි­ක්ෂණ සඳහා එක්ව තිබුනි.

ඒ සමඟ හලා­වත මහෙ­ස්ත්‍රාත් විසින් අදාළ ස්ථානයේ මහෙ­ස්ත්‍රාත් පරි­ක්ෂණ සඳහා පැමින අදාළ සිරුරු පශ්චාත් මරණ පරි­ක්ෂණ සඳහා හලා­වත මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී වෙත රැගෙන යාමට පොලි­සි­යට නියෝග කෙරුණි.
මෙම ඝාත­නය සැල­වී­මත් සමඟ කම්පා­වට පත්වූ විශාල ජන­තා­වක් සිද්ධිවූ නිවස වෙත පැමින සිටි අයුරු දැක ගත හැකි විනි. හලා­වත ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි පාලිත අම­ර­තුංග මහ­තාගේ අධි­ක්ෂ­ණය යටතේ හලා­වත මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරි­ක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතා සමඟ අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක අරුණ ශාන්ත මහතා ඇතුළු නිල­ධා­රීන් රැසක් මෙම පරි­ක්ෂණ සඳහා එක්ව තිබුනි.
(ගයාන් කුමාර වීර­සිංහ, පුත්ත­ලම හිරාන් ප්‍රියං­කර ජය­සිංහ, පුත්ත­ලම ප්‍රසාද් පුර්ණිමාල්, මාර­විල මිහිර විජේ­සේ­කර)