china-arrested-foreigners

ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යන් ඇතුළු විදේ­ශි­ක­යන් දස­ද­හ­සක් පමණ චීනයේ බන්ධ­නා­ගා­ර­ගත වී සිටින බවට ඔස්ට්‍රේ­ලි­යානු සෙනෙට් කමි­ටු­ව­කට කරුණු වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එම තොර­තුරු අනා­ව­ර­ණය කර ඇත්තේ

2013 වසරේ චීන­යේදී අත්අ­ඩං­ගු­වට පත්වූ බ්‍රිතා­න්‍යයේ හිටපු මාධ්‍ය­වේ­දි­යකු හා ව්‍යාපා­රි­ක­යකු වන පීටර් හම්ප්‍රි නමැති පුද්ග­ල­යකු බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අය­හ­පත් සෞඛ්‍ය තත්ත්වය හේතු­වෙන් පීටර් හම්ප්‍රි 2015 ජූනි මාස­යේදී නිද­හස ලැබූ බවත්, එම මාස­යේ­දිම ඔහුගේ බිරි­යත් නිද­හස් කිරී­මට චීනය පිය­ව­ර­ ගත් බවත් වාර්තා වේ. චීනයේ බන්ධ­නා­ගා­ර­ගත වී සිටින විදේ­ශි­ක­යන්ගේ සංඛ්‍යාව දස­ද­හ­සක් පමණ වන බවත්, ඉන් සැල­කිය යුතු පිරි­සක් සිර­ගත වී සිටින්නේ කිසිදු වර­ද­කින් තොරව බවත් බන්ධ­නා­ගා­ර­ග­තවී සිටි­යදී එක්රැස් කර­ගත් කරුණු ඇසු­රෙන් සිදු කළ පර්යේ­ෂ­ණ­ය­කින් පසු ඔහු ඇස්ත­මේ­න්තු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



වසර 50කට ආසන්න කාල­යක් චීනය සමඟ ව්‍යාපා­රික කට­යුතු කළ ඔහු සමඟ චීන සම්භ­ව­යක් සහිත ඔහුගේ අමෙ­රි­කානු බිරිය ද අත්අ­ඩං­ගු­වට පත්වී ඇත්තේ නීති විරෝධී ලෙස ඔත්තු බැලීමේ සහ තොර­තුරු එක්රැස් කිරීමේ සාවද්‍ය චෝද­නා­ව­කට බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. පීටර් හම්ප්‍රි සහ ඔහුගේ බිරිය අත්අ­ඩං­ගු­වට පත්වන අව­ස්ථා­වේදී චීනයේ විම­ර්ශන උප­දේ­ශන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති අතර, විදෙස් ව්‍යාපා­රි­ක­යන්ට අව­දා­න­ම­කින් තොරව චීනයේ ව්‍යාපා­රික කට­යුතු සිදු කිරී­මට අවශ්‍ය උප­දෙස් එම ආය­ත­න­යෙන් සපයා ඇතැයි ද වාර්තා වේ.