අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින චීන ජාතිකයන් තිදෙනෙකුට තාවකාලිකව රටින් පිටවීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) ප්රතික්ෂේප කළේය.චීනයෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක සැකකරුවන්ට රටෙන් පිටවීමට අවසර දිය නොහැකි බව කියමින් රහස් පොලීසිය කළ විරෝධතාවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා අදාළ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ශ්රී ලාංකිකයෙකු ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනකුට එරෙහිව මෙම විමර්ශනය සිදු කරන අතර පැන් බින්කුවෙන්, සෙන්සුපෙන්, සහ සිංසුලි නමැති චීන ජාතිකයන් තිදෙනාට මෙලෙස රටින් පිටවීමට කළ ඉල්ලීම අවසර දීම ප්රතික්ෂේප කෙරිණ. අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු, කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව,
බංගලාදේශය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයන් 31ක් හා තරුණියන් 05 ක් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති අතර චීන ජාතික සැකකරුවෝ පමණක් ඊයේ අධිකරණයේ පෙනී සිටියහ.
මුදල් වංචාවට යොදාගත් පරිගණක 25ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවද රහස් පොලීසිය පැවසීය.රහස් පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ මහේස්ත්රාත්වරයා විමර්ශන ප්රගතිය ලබන 24 වැනිදා දැනුම් දෙන ලෙස නියෝග කළේය.
(බුද්ධිමාල් රුබේරු)
0 Comments