cocane-mount-lavinia

ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය, නාරාහේන්පිට යන ප්‍රදේශවල ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවලට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරිය බව කියන ජාවාරම්කරුවකු ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයකදී රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික වටිනා කොකේන් මිලි ග්‍රෑම් 35900 ක්, එල්.එස්. ඞී.මත්ද්‍රව්‍ය මුද්දර 900 ක්, සහ එස් මල්පෙති 18 ක්ද සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඛළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.




සැකකරු වැල්ලවත්ත, කෝකිලායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ගල්කිස්ස මහල් නිවාසයක කුලී පදනම මත අධි ආරක්ෂිත ලෙස කිසිවකුටත් ඇතුළුවිය නොහැකි ලෙස සකසා ගත් නිවසක කොළඹ ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක 23 වියැති

නාටිකාංගනාවක් සමග සිටිමින් කොළඹ ප්‍රධාන පෙළේ රාත්‍රි සමාජ ශාලාවලට මෙලෙස මත්ද්‍රව්‍ය සැපයීම සිය පෙම්වතිය හරහා සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.


මෙම ජාවාරම පිළිබඳව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක චාමික ජයවීර මහතා ඇතුළු කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් මහත් පරිශ්‍රමයක් දරා මෙම අධි ආරක්ෂිත නිවසේ 23 වියැති පෙම්වතිය සමග

සිටින අතර අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.


සැකකරු මෙම මත්ද්‍රව්‍ය මාලදිවයින් හා නයිජීරියානු පුද්ගලයන්ගෙන් තොග වශයෙන් ලබාගෙන මෙම සුපිරි නිවසේ සිට පැකට් කර කොල්ලුපිටිය, වැල්ලවත්ත, බම්බලපිටිය, නාරාහේන්පිට යන ප්‍රදේශවල රාත්‍රි සමාජශාලාවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇතිබවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය. සැකකරු සහ නඩුභාණ්ඩ නීතිමය කටයුතු සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලීසියට භාර දී ඇත.

එච්.එම්.ධර්මපාල