damitha-sjb-dna

ඉදිරි මහ මැතිවරණයට 'තැපැල් පෙට්ටිය' ලකුණින් තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක්වෙමින් සමගි ජන බලවේගයෙන් (SJB) ඉවත් වූ බව රංගන ශිල්පිනියක වූ දේශපාලන ක්‍රියාකාරිනියක වන දමිතා අබේරත්න ප්‍රකාශ කළාය.නාම යෝජනා කාල අවසන් නිසා කෙසේ වෙතත් ඇයට මෙවර එම පක්ෂයෙන්ද තරග කරන්නට නොලැබේ.




"SJB නායක සජිත් ප්‍රේමදාස මට යුක්තිය ඉටු නොකළ නිසා සහ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොකළ නිසා මම SJB හැර යාමට තීරණය කළෙමි," අබේරත්න මාධ්‍ය වෙත පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා SJB අපේක්ෂක ලැයිස්තුවෙන් අබේරත්නගේ නම ආන්දෝලනාත්මක ලෙස මකාදැමීමට ලක්වූයේ අවසන් මොහොතේ එනම් ඔක්තෝබර් 11 වැනිදා නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනයේය.

මේ හේතුවෙන් ඇයට මෙවර මහමැතිවරණයේ තරගකරන්නට අවස්ථාවක් නොලැබුණ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේද ඇයට තරග කරන්නට නාමයෝජනා ලබාගන්න කාලයක් නැත.



ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය 2010 දී මහා මැතිවරණය තරග කරනු සඳහා පිහිටුවාගන්නා ලද දේශපාලන සන්ධානයකි.


දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින මෙම සන්ධානයේ මෙවර 2024 ප්‍රධාන අපේක්ෂකයා ලෙස එහි සභාපති නීතිවේදී, ආචාර්ය මොහාන් පෙරේරා මහතා මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඒ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා ද වෙයි.

දමිතා අද කියා සිටියේ තමන් සජිත් ප්‍රෙමදාස ගැන විශ්වාසයෙන් සිටි නමුත් එම විශ්වාසය බිඳවැටුණ බවත්, තමා ඩීඑන්ඒ පක්ෂයේ සිට තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින බවත්ය.