damitha-speaks

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන්නීය.






පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජන බලවේගයේ කටයුතු කරන්නේ බිහිරන් පිරිසක්දැයි අබේරත්න මහත්මිය ප්‍රශ්න කළාය. සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාම යෝජනාව සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූවානම් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වී ඒ වෙනුවට තමාගේ නම ඇතුළත් කරන ලෙසට ද ඇය ඉල්ලා සිටින්නීය. දමිතා අබේරත්න මහත්මිය මෙසේ ද පැවැසුවාය.


මට අහන්න තියෙන්නේ සමගි ජන බලවේගයේ ඉන්නේ ලියන්න බැරි කතා කරන්න බැරි කන් ඇහෙන්නේ නැති මිනිස්සුද? සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනෑ එහෙම නම් නෙ. මේවා විහිළු කතා. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවනේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙම නම් ඉතින් ජාතික ලැයිස්තුවෙන් එතුමා අයින් වෙලා හරි මාව දාන්නයැයි කීවාය.

(සුජිත් හේවාජුලිගේ)