මෙරට සිටින දසදහසක් පමණ වන කුඩා මිනිසුන් සහ අවාසිසහගත ප්‍රජාව වෙනුවෙන් බිහි වූ කුඩා මිනිසුන්ගේ සංවිධානය ‘ලිට්ල් පීපල්ස් ඇසෝසියේන්' සිය පස්වන සුහද හමුව පසුගියදා දෙහිවලදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. අනුරාධපුර, වැලිමඩ, මාතර, හම්බන්තොට, රත්නපුර, සූරියවැව, තඹුත්තේගම, තලාව, ඌරුබොක්ක, බදුල්ල, බණ්ඩාරවෙල හා තංගල්ල ඇතුළු දිවයින පුරා විසිරී සිටි පුංචි මිනිස්සු විශාල පිරිසක් මෙම සුවිශේෂී සමුළුව සඳහා සහභාගි වූහ.
‘ලිට්ල් පීපල්ස් ඇසෝසියේන්‘සිය පස්වැනි සුහද හමුවට පැමිණ සිටි පිරිස වෙනුවෙන් තරග රැසක් පැවැත්වීම සුවිශේෂ විය. ඒ යටතේ සංගීත පුටු තරගයක්, බැලුම් පිපිරීමේ තරගයක්, හොඳම හිනාව යන තරග සංවිධානය වී තිබුණු අතර මැජික් දර්ශනයක් ද පැවැත්විණි. දක්ෂතා ඉදිරිපත් කළ සියලුදෙනාට ත්‍යාග ලබාදීම සිදුකෙරිණි.
ඉන් අනතුරුව ඔවුන්ගේ නර්තන, ගායන, වාදන, නිවේදන දක්ෂතා ඇතුළත් අපූරු රසවින්දන වැඩසටහනක් ද පැවැත්වුණි.
මෙහිදී ඔවුන් සමඟ සතුට විනෝදය බෙදා හදාගැනීම සඳහා ප්‍රවීණ නළු ජීවන් හඳුන්නෙත්ති, අනිල් නානායක්කාර කුමාරි දිසානායක, ව්‍යාපාරික අතුල රත්නවීර, ඉන්දු මැණිකේ, සුමනදාස යන ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ..
මෙහිදී අදහස් දැක්වූ කුඩා මිනිසුන්ගේ සංවිධානයේ සභාපති දර්ශනී නානායක්කාර මහත්මිය මෙසේ පවසා සිටියාය.
“මිහිමත් මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ කාගෙවත් අනුකම්පාව නොවෙයි. ආදරයයි. අපේ උගත්කමට, වටිනාකමක හැකියාවට රැකියාවක් ලැබෙනවා නම් අපිත් සාමාන්‍යකරණය වෙනවා. නමුත් අපි මානසිකව වැටුණු අවස්ථා බොහොමයි. ආයි මේ අය කාටවත් එහෙම වෙන්නේ දෙන්නේ නැහැ. එළඹෙන වසරේ අපි ජාතික මට්ටමේ විවිධ ප්‍රසංගයක් සංවිධානය කරනවා. එහි මූලික කටයුතු අද දින අපි සැලසුම් කරනවා.”
Òතම සංගමය හැම විටම සිදු කරන්නේ සැඟවී සිටින මිහිමත් ප්‍රජාව සොයමින් යාම බවත්, ඔවුන් සමාජගත කර ඔවුන්ගේ හැකියාවන් තුළින් රටට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීම බවත්ය. එසේම කුඩා මිනිසුන්ගේ මෙම සංවිධානය තුළින් ඔවුන් මුහුණපාන ගැටලු අවම කර ගැනීම සඳහා සංවිධානාත්මකව පෙනී සිටීමද මෙහිදී සිදුකෙරෙන බව මිහිමත් සංවිධානයේ ලේකම් ජනේෂ් චන්දිමාල් මහතා පවසා සිටියේය.
මෙම සමස්ත වැඩසටහන සඳහා සියලු බර පැන දැරුවේ සභාපති දර්ශනී නානායක්කාර සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ව්‍යාපාරික අතුල රත්නවීරගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුවිය.
(අඟුරුවාතොට - මංගල ප්‍රසන්න)
0 Comments