diesel-meerigama-incident

මීරි­ගම ඉන්ධන පිර­වුම් හල­කට ඩීසල් ගෙනැ­විත් බාන අව­ස්ථාවේ ඉන්ධන බවු­ස­රයේ ඩීසල් ටැංකිය ද උතුරා යෑමේ සිද්ධි­යක් හේතු­වෙන් ඉන්ධන වංචා කිරීමේ ජාවා­ර­මක් හෙළි­කර ගැනී­මට හැකි වී ඇතැයි මීරි­ගම පොලි­සිය පව­සයි.



ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ ලියා­ප­දිංචි බවු­ස­ර­ය­කින් ඉන්ධන තොග­යක් ගෙන­විත් බාන අතරේ එම බවු­ස­රයේ ඉන්ධන ටැංකි­යෙන් ඩීසල් උතුරා යන අයුරු දුටු එහි සේවි­කා­වක ඒ පිළි­බ­ඳව සැල­කි­රී­මෙන් පසු ඩීසල් බෑමේ කට­යුතු නවතා සිද්ධිය සම්බ­න්ධ­යෙන් මීරි­ගම පොලි­සි­යට හා ඛනිජ තෙල් සංස්ථාවේ විම­ර්ශන ඒක­ක­යට දැනුම් දී ඇත.

ඒ අව­ස්ථාවේ බවු­ස­රයේ රියැ­දුරා කිසි­යම් උප­ක­ර­ණ­යක ආධා­ර­යෙන් බවු­ස­රයේ ඉන්ධන ටැංකි­යෙන් ඉන්ධන ගලා­යාම නැව­තී­මට කට­යුතු කර ඇතැයි ද බවු­ස­රයේ ඉන්ධන තොගය හොර රහසේ සවි­කළ නළ මාර්ග­යක් ඔස්සේ ඉන්ධන ටැංකි­යට ලබා ගැනී­මට කට­යුතු කර ඇති බව ද

ලංකා ඛනි­ජ­තෙල් සංස්ථාවේ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් ඊයේ (03) උදේ එම ස්ථානයේ සිදු කළ පරී­ක්ෂ­ණයේ දී අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

ඒ පිළි­බ­ඳව සැල­කි­ල්ලෙන් සිට කරා­මය වැසී­මට රියැ­දු­රාට නොහැකි වීම හේතු­වෙන් මෙම ඉන්ධන ජාවා­රම හෙළි වූ බව ද විම­ර්ශන නිල­ධා­රීහු සඳ­හන් කළහ. මීට පෙර ද මෙවැනි ආකා­රයේ ඉන්ධන සොරා ගැනීමේ අවස්ථා දෙකක් අනා­ව­ර­ණය වී ඇති බව විම­ර්ශන නිල­ධා­රීහු සඳ­හන් කළහ.

ඉති­රිව තිබූ ඉන්ධන තොගය ගණන් බලා ඉන්ධන පිර­වු­ම්හල වෙත ලබා දීමට ද පිය­වර ගෙන තිබේ.

සාප­රාධී විශ්වා­සය කඩ­කි­රීම, වංචා කිරීම, සොර­කම ඇතුළු චෝදනා කිහි­ප­යක් මත රියැ­දුරා, සහා­ය­කයා සම­ඟින් ඉන්ධන බවු­ස­රය මීරි­ගම පොලි­සි­යට බාර දීමට කට­යුතු කරනු ලැබීය. මීරි­ගම පොලි­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. ඒ. ප්‍රිය­ද­ර්ශන මහතා ඇතුළු නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වති.

කොට­දෙ­ණි­යාව - එම්. පුෂ්ප­කු­මාර