විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සිදු කළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ ඊයේ රාත්‍රියේ පැවති මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක අඟුලාන පදිංචි අයෙකි.
මෙම පුද්ගලයා මංගල උත්සවයේ DJ සංගීතයේ ශබ්දය අඩුකරන ලෙස පැවසූ අවස්ථාවක මෙම බහින්බස්වීම ඇතිව තිබෙන අතර අඩුකරන්න බැහැ කී විට මොහු එකට එක කියා ඇත..
එමෙම බහින්බස්වීම අතර පුද්ගලයෙක් ඔහුට කළ පහරදීමක දී හිසට එල්ලවූ පහර බරපතල තුවාල සිදුකර තිබෙන අතර මේ නිසා මෙම ඝාතනය සිදුව ඇත. පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
0 Comments