dp-passport-ministers

සියලුම හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට පාපිලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අවලංගු වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.




එසේම එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවැසීය.මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන කතානායක, නියෝජ්‍ය කතානායක, විපක්ෂ නායක සහ මන්ත්‍රීවරුන් හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219 කගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වනු ඇත.


සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ අවුරුදු 18 අඩු ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වරප්‍රසාදය හිමිවිය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ ස්වාමි පුරුෂයන්ට හෝ එම බලපත්‍ර වරප්‍රසාදය හිමිවන්නේය.මේ අතර ඇමැති කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා නිකුත් කරනු ලැබ තිබූ රාජකාරි ගුවන් ගමන් බලපත්‍ර ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී ගිය බව

චමින්ද කුලරත්න මහතා වැඩිදුරටත් පැවැසීය. මේ අනුව හිටපු මැති ඇමැතිවරුන්ගේ අහෝසි වී ගිය බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.
( සුජිත් හේවාජුලිගේ)