ekanayake-death


එක්සත් ජාතික පක්ෂයේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ප්‍රධාන සංවි­ධා­යක, හිටපු ඇමැති ඩබ්ලිව්. බී.ඒක­නා­යක මහ­තාගේ මර­ණ­යට හේතුව හෘද­යා­බා­ධ­යක් බවට, පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ දී අනා­ව­ර­ණය වූ බව අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සීය. 



ඒ මහතා පෙරේදා (10) පදිංචි නිවෙසේ නාන කාම­රය තුළ ජීවි­ත­ක්ෂ­යට පත්ව සිටින බවට ලැබුණු තොර­තු­රක් මත වැඩි­දුර විම­ර්ශන ආරම්භ කළ බව අනු­රා­ධ­පුර පොලි­සිය සද­හන් කළේය.

අංක 224, පැරණි පුත්ත­ලම පාර, තිසා වැව ලිපි­නයේ පිහිටි තම නිවෙසේ පදිං­චිව සිටි ඒ මහතා මිය යන විට, 76 වන වියේ පසු­විය.

ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඒක­නා­යක මහතා දිය­වැ­ඩි­යාව සහ කොලෙ­ස්ට­රෝල් යන රෝග­යන් ගෙන් පෙළුණු අයෙකු බවත්, ඒ සඳහා සාය­නික ප්‍රති­කාර ලබන බවද මර­ණය සිදු වූ අව­ස්ථා­වේදී අනා­ව­ර­ණය විය. ජීවි­ත­ක්ෂ­යට පත් වූ හිටපු ඇමැ­ති­ව­ර­යාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවෙසේ කට­යුතු කළ පුද්ග­ල­යකු, රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් ප්‍රති­කාර ලබා ගැනීම සඳහා යාප­නය ප්‍රදේ­ශ­යට ගොස් ඇති අතර, මෙම හෘද­යා­බා­ධය සිදු වන අව­ස්ථාවේ දී ඒ මහතා පම­ණක් නිවෙසේ සිට ඇති බව පොලි­සිය සඳ­හන් කළේය.



මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් හදිසි මරණ පරී­ක්ෂ­ණය, අනු­රා­ධ­පුර නාග­රික සහ මධ්‍යම නුව­ර­ගම් පළාත් හදිසි නාග­රික මරණ පරී­ක්ෂක ජේ.එම්. ජය­ති­ලක මහතා සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලේදී සිදු කරනු ලැබීය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, හිටපු ඇමැති ඩබ්ලිව්.ඩී. ඒක­නා­යක මහතා අනු­රා­ධ­පුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා ලෙස පත්ක­රනු ලැබීය. එක්සත් ජනතා නිද­හස් සන්ධාන ආණ්ඩුවේ වාරි­මාර්ග හා ජල සම්පත් කළ­ම­නා­ක­රණ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ලෙසද ඒ මහතා කට­යුතු කළේය.

අනු­රා­ධ­පුර - සශිනි මධු­ෂානි