election-facilities

ලබන මස 14වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අශක්නුතතාවයට පත් පුද්ගලයන්ට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු කැටුව යාමට අවශ්‍ය පහසුකම් තිබෙන බව

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සහායකයෙකු කැටුව යාම සඳහා යෝග්‍යතා සහතිකයක් ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දෙයි.මෙම යෝග්‍යතා සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්, ග්‍රාම නිලධාර් කාර්යාලවලින් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.


දෘශ්‍යාබාධ සහිත හෝ වෙනත් ශාරික අශක්නුතතාවයට පත් පුද්ගලයා විසින් ඉල්ලුම්පත සම්පූර්ණ කර, ග්‍රාම නිලධාරි වෙත ඉදිරිපත් කර එය සහතික කරගත යුතු අතර, එම සහතිකය රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සහතික කර ගත යුතු බවද පෙන්වා දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත ලබාගෙන ඇති අය සඳහා අබාධ සහිත පුද්ගලයන්ගේ අයදුම්පතෙහි 11 කොටසෙහි වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකය අවශ්‍ය නොවන බවද කොමිසම සඳහන් කරයි.


අශක්නුකතාවට පත් ඡන්ද හිමියාට තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් හැඳුනුම්පතක් හෝ යෝග්‍යතා සහතිකය සමග සහායකයෙකු රැගෙන යාමට අවස්ථාව හිමි වේ. මේ ආකාරයට රැගෙන යන සහායකයා, වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු අතර, මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු හෝ පක්ෂයක බලයලත් නියෝජිතයෙකු නොවිය යුතුය.
(ඉන්දික හේවාවිතාරණ)