ඇල්ල ආරුක්කු 09 පාලම සහ ඒ ආශ්‍රිතව ඉන්දීය චිත්‍රපටයක් රූගත කිරීමක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම පෙර සූදානමකින් තොරව කඩිමුඩියේ ගත් තීරණයක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය.
චිත්‍රපට නිෂ්පාදනයක් සිදුකරන විට එය කල්තියා සැලසුම් කර සිදුකරන්නක් බැවින් ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව කල්තියා මගීන් දැනුවත් කිරීමට ඕනෑතරම් කාලයක් තිබුණ ද කලබලයෙන් මෙන් හෙට දුම්රිය ධාවනය කරන පෙර දින සවස නිවේදනය කිරීම ගැටලුසහගත බව දුම්රිය සේවකයෝ පවසති. මෙම නිවේදනය නිකුත් කරන විටත් චිත්‍රපටයේ නිෂ්පාදකවරු අධ්යක්ෂවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද නළු නිළියන්ද මෙරටට පැමිණ සිට ඇති බවත් ඒ අය වෙනුවෙන් ඇල්ලේ හෝටල් වෙන් කරගෙන සිට ඇත්තේ කල්තියා බව පෙනී යන බවත් ඒ අය පවසති.
චිත්‍රපට නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සීමා කරමින් ධාවනය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවා දැනගන්නේ පෙරේදා (09) සවස බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා චෝදනා කරයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පවසා සිටියේ අදාළ චිත්‍රපට නිෂ්පාදන සමාගම මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 230ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් රුපියල් මිලියන 48ක ඇප තැන්පතුවක් ද කර ඇති බවත්ය.
මෙම චිත්‍රපටය ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපටයක් බවත් භාෂා 18කට හඬකවා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව දැනුවත් කර ඇති බවත් ඔහු පැවසුවේය.
ඇල්ලේ ආරුක්කු පාලම ආශිතව මෙම චිත්‍රපටය 09 වැනිදා සිට 15 වැනිදා දක්වා රූගත කිරීම් කෙරන බවත් චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කිරීමට කාලය ඉල්ලා ඇත්තේ උදෑසන 9.00ත් සවස 3.30ත් අතර කාලයේ බවත් ඉඳිපොලගේ මහතා පවසයි.
මෙම චිත්‍රපට නිෂ්පාදන කටයුත්ත ආරුක්කු පාලම හා ඒ අවට රූගත කිරීම් සඳහා අවසර ඉල්ලා යෝජනවා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුනේ මෙයට මාසයකට පමණ පෙර බවත් ඒ සඳහා ඔවුන් මුදල් ගෙවීම් කරමින් රූගත කිරීම් සඳහා 9 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය අවශ්‍ය බව දැනුම්දෙනු ලැබුවේ පෙරේදා (08) බවත් ඉඳිපොලගේ මහතා පැවසීය.
මෙම චිත්‍රපට නිෂ්පාදනය ඉන්දු - ලංකා ඒකාබද්ධ සිනමා ව්යාපෘතියක්දැයි පැහැදිලිවම දැන සිටින්නේදැයි ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා ඒ ගැන වැඩි තොරතුරක් නොදන්නා නමුත් මේ සඳහා අවසර ගැනීම් ඇතුළු කටයුතුවලට සම්බන්ධ වූයේ දේශීය ආයතනයක් බවය. එම ආයතනය චිත්‍රපට නිෂ්පාදන සමාගමක්දැයි තමා නොදන්නා බව ද ඔහු පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ කාලය තුළ සිදුවන්නේ කොළඹ සිට ඇල්ල දක්වා පමණක් බව ද ඔහු පැවසුවේය. ඇල්ල හා බදුල්ල අතර මගී ප්‍රවාහනයට බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් කලින් ආසන වෙන් කරගෙන ඇති ඔඩිසි දුම්රියේ මගීන් වෙනුවෙන් සහ සාමාන්‍ය දුම්රියේ පළමු පන්තියේ ආසන වෙන් කරගත් මගීන්ට සුඛෝපභෝගි බස් රථ යෙදවීමට පවා කටයුතු කර ඇති බව ද ඉඳිපොලගේ මහතා පැවසීය. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් වැය නොවන බව ද ඔහු සඳහන් කළේය.
“උඩරට මාර්ගයේ කොළඹ ඉඳන් යන මගීන්ගෙන් වැඩි දෙනකු ඇල්ලට එනකොට බැහැලා. දියතලාව, නානුඔය සහ ඇල්ල සංචාරක කලාපයි. ඒ නිසා ඇල්ලේ ඉඳන් බදුල්ලට ලොකු සෙනඟක් ගමන් කරන්නේ නැහැ.“ යැයි ද ඉඳිපොලගේ මහතා පැවසීය.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා නිෂ්පාදකයන් මෙරටට පැමිණියේ වෙනත් රටක රූගත කිරීම් රැසක් සිදුකිරීමෙන් අනතුරුව බව ද ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.
මෙම චිත්‍රපටය රූගත කරන්නේ ආරුක්කු පාලම ආශ්‍රිතවයි. මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වනකොට ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම කෙරෙහි විශාල සංචාරක ආකාර්ෂණයක් ද ඇති වේවි. යැයිද ඉඳිපොලගේ මහතා කීය.
කොළඹ කොටුවෙන් උදෑසන 5.55ට ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් උදෑසන 5.30ට කොළඹ කොටුවෙන් ධාවනය වන ඔඩිසි දුම්රියත් සුපුරුදු ලෙස ධාවනය වන බවත් එම දුම්රිය ඇල්ලෙන් ගමන් අවසන් වන බවත් ඉඳිපොලගේ මහතා පවසයි.
බදුල්ලෙන් කොළඹ බලා පොඩි මැණිකේ දුම්රියත් ඔඩිසි දුම්රියත් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වන බව ද ඔහු පවසයි. මේ හැරුණු කොට බදුල්ලෙන් උදෑසන 11.00ට මහනුවර බලා ධාවනය වන දුම්රිය ද ඇල්ලෙන් ගමන් ආරම්භ කරන බව ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.
මෙම වේලාවන් හැරුණු කොට රාත්‍රී තැපැල් දුම්රියන් සුපුරුදු ලෙස ධාවනය වන බව ද ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
(ගයාන් කුමාර වීරසිංහ, සුභාෂිණී සේනානායක, ප්‍රසන්න පත්මසිරි)
0 Comments