elpitiya-election-finger-ink

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් 26 වන දින පැවැත්වීමට නියමිතව ඇත. මෙම ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.



මෙම තීරණය ගෙන ඇත්තේ 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ගේ වම් අතේ සුළඟිල්ල සලකුණු කර තිබූ බැවින්, ඒවා තවම මැකී නොයන කාලයක් තුළ නැවත ඡන්දයක් පවත්වන්නට නියමිත වීම නිසාය. ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ඡන්දදායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල නොමැති නම්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරිය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතේ වෙනත් ඇඟිල්ලක් සලකුණු කිරීමට නියමිතය.