everest-leg-100-years-old

මීට වසර 100කට පෙර අතු­රු­දන්වූ බවට සැල­කෙන බ්‍රිතාන්‍ය ජාතික කඳු නඟි­න්න­කුගේ පාද­යක කොට­සක් එව­රස්ට් කඳු මුදු­නින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විස්ම­ය­ජ­නක සොයා ගෙන ඇත්තේ නැෂ­නල් ජියො­ග්‍රැ­ෆික් වාර්තා චිත්‍ර­ප­ට­යක් රූගත කිරී­මට ගිය කඳු නඟි­න්නන් පිරි­ස­කට බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.



වසර 1924 ජූනි මාස­යේදී එව­රස්ට් කන්ද තර­ණය කිරී­මට ගිය ඇන්ඩෘ කොමින් සහ ඔහුගේ සහා­ය­කයා වන ජෝර්ජ් මැලොරි අතු­රු­දන්වූ බවත්, පසුව ජෝර්ජ් මැලො­රිගේ සිරුරේ කොටස් හමු­වූ­වද, ඇන්ඩෘගේ සිරුර කිසි දිනෙක හමු නොවූ බවද අනා­ව­ර­ණය වී ඇති අතර, කඳු මුදුනේ ග්ලැසි­ය­ර­යක හිමි දිය­වී­මෙන් පසු ඉහ­ළට මතුවී තිබූ එම පාදයේ කොටස ඇන්ඩෘගේ බවට ද අනු­මාන කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද එය තහ­වුරු කර­ගැ­නීම සඳහා මේ වන විට බ්‍රිතාන්‍ය බල­ධා­රීන් ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­යක් සිදු­කි­රී­මට නිය­මි­තව ඇතැයි ද, එය ඇන්ඩෘගේ පාදයේ කොට­සක් බවට තහ­වුරු වන්නේ නම් එව­රස්ට් කඳු තර­ණයේ ඉති­හා­සය මුළු­ම­නින්ම වෙනස් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එව­රස්ට් කන්ද තර­ණය කළ පළමු පුද්ග­ල­යින් බවට වාර්තා­පො­තට එක්වී සිටින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝර් එම වාර්තාව පිහි­ටුවා ඇත්තේ ඇන්ඩෘ සහ ජෝර්ජ් එව­රස්ට් කන්ද තර­ණය කිරී­මේදී අතු­රු­ද­න්වී­මෙන් වසර 29කට පසු­වය.