galle-fort-one-way

සංචා­රක ගාල්ල කොටුව තුළ එක් දිසා­ව­කට (one way) පම­ණක් රථ වාහන ධාව­නය කිරීමේ නීතිය ක්‍රියා­ත්මක කිරිම ඊයේ (04) සිට අත්හි­ටු­වී­මට ගාල්ල මහ නගර සභාවේ රථ­වා­හන කමි­ටුව තීර­ණය කර තිබේ.



මෙම මං තීරු නීතිය නිසා නිසා තමන් මහත් අප­හ­සු­වට පත්ව ඇතැයි ත්‍රි රෝද රථ රියeදුරන්, අධි­ක­ර­ණ­යට පැමි­ණෙන ජන­තාව, නිති­ඥ­ව­රුන් , ව්‍යාපා­රි­ක­යන් ඇතුළු මහ­ජ­න­තාව ඉකුත් දින­වල චෝදනා එල්ල කළහ.

එල්ලවු ජනතා විරෝ­ධය සැල­කි­ල්ලට ගනි­මින් මෙම තීර­ණය ගත් බවද එම කමි­ටුව වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය

ඒ අනුව අද සිට ගාලු කොටු­වට තුළට පැරැණි කොටු දොර­ක­ඩින් සහ නව කොටු දොර­ක­ඩින් පෙර පරි­දිම වාහන ඇතු­ල්වීම හා පිට­වීම සිදු කළ හැකි බව එම කමි­ටුව වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.