gampaha-hospital

ගම්පහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­ය­කට දුර­ක­තන ඇම­තු­ම­කින් තර්ජ­නය කර සාප­රාධී බිය ගැන්වී­මක් සිදු කළැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (14) කුරු­ඳු­වත්ත පොලි­සි­යට නියෝග කළේය.

කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි ගම්පහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­යක් විසින් ඉකුත් 17 වැනි දින කුරු­ඳු­වත්ත පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් සලකා බැලී­මෙන් පසු අධි­ක­ර­ණය විසින් මේ නියෝ­ගය කරන ලදි.

පැමි­ණි­ලි­කා­රිය ගම්පහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙක් ලෙස දැනට අවු­රුදු තුනක සිට සේවය කරන බවත්,

ඇයගේ ස්වාමි පුරු­ෂයා විශ්‍රා­මික පොලිස් නිල­ධා­රි­යකු බවත්, ඔහු මේ වන විට මිය ගොස් ඇති බවත්, මොණ­රා­ගල ප්‍රදේ­ශයේ පොලිස් නිල­ධා­රි­යෙක් වන මාලක සහ ඔහුගේ පවුලේ පිරිස සමඟ තම ස්වාමියා මිය යෑමට පෙර ඉතා සමීප සම්බ­න්ධ­තා­වක් පැවැත්වූ බව පැමි­ණි­ලි­කා­රිය සඳ­හන් කර තිබූ බවත්, පැමි­ණි­ලි­කා­රිය තම ස්වාමි­යාගේ මර­ණ­යෙන් පසුව ද මාලක සහ ඔහුගේ බිරිය වන ඉරේෂා සමඟ සමීප සම්බ­න්ධතා පැවැත්වූ බවත්, ඉකුත් 12 වැනි දින මාල­කගේ බිරිය විසින් පැමි­ණි­ලි­කා­රිය සහ මාලක අතර සම්බ­න්ධ­යක් තිබෙන බවට වැරදි වැට­හී­මක් ඇති කර­ගෙන තමාට බැණ වැදුණු බවත්, නිතර නිතර දුර­ක­තන ඇම­තුම් ගෙන තර්ජ­නය කර ඇති බවත් කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.



ඉකුත් 14 වැනි දින පැමි­ණි­ලි­කා­රිය සේවය කරන රෝහ­ලට ඇම­තු­මක් ගෙන තර්ජ­නා­ත්ම­කව බැණ වැදී ඇති බව ද කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බලා මේ සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කරනු ලැබු­වේය.
(කල්පනි අබේ­සිංහ)