gampola-incident

පාසලේ හය වසරේ සිසුවකුගේ පපුවට කොසු මිටකින් පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ ගුරුවරයකු අද (9) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගම්පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඊයේ (8) නියෝග කළාය.


පාසලේ ළමයින් සිවු දෙනකු ඇති කරගත් ආරවුලක් විසඳීමට ගිය සැකකාර ගුරුවරයා, වයස අවුරුදු 11ක් වූ තම දරුවාගේ පපුවට කොසු මිටකින් පහරදී ඇතැයි කියමින් දරුවාගේ පියා ගම්පොළ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.




ගම්පොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, ගම්පොළ ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු වශයෙන් සේවය කරන, ගෙලිඔය කම්බියාවත්තේ පදිංචි, ජුනයිඩීන් රියාස් මොහොමඩ් (48) නමැත්තාය.දරුවාගේ පියා වන මොහොමඩ් සාධීන් මුෂාෆර් මහතා ගම්පොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව, සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවටගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


සිද්ධියට අදාළව අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ගම්පොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු, වයස අවුරුදු 11ක් වන පාසලේ හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවකුගේ පපුවට කොසු මිටකින් පහරදී ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ යැයි දැනුම් දුන්හ.දරුවාගේ පියා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින්,

පාසලේ ළමයින් සිවු දෙනකු ඇති කරගත් ආරවුලක් විසඳීමට ගිය සැකකාර ගුරුවරයා තම දරුවාගේ පපුවට කොසු මිටකින් පහරදී ඇති බවට පැමිණිල්ලක් කර ඇතැයි කී පොලිස් නිලධාරීහු, මෙම පහරදීම හේතුවෙන් දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි ද දැනුම් දුන්හ.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව දැනුම් දුන් පොලිස් නිලධාරීහු, සැකකාර ගුරුවරයා රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අද (9) දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට ද පොලීසියට නියම කළාය
(සුරංග රාජනායක)