gem-thalathuoya

නිධා­න­ය­කින් ගන්නා ලද බව කියන පෞරා­ණික වටි­නා­ක­ම­කින් යුතු මැණික් ගල් 4ක් සන්ත­කයේ තබා­ගෙන සිටි තිදෙ­නකු පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් පිරි­සක් විසින් පසු­ගි­යදා (18) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



තලා­තු­ඔය පොලිස් වසමේ පුබු­දු­ගම ප්‍රදේ­ශ­යේදී සිදු කළ මේ වැට­ලී­මේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ තලා­තු­ඔය, හඟු­ර­න්කෙත, කෙන්ගල්ල ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 47, 49, 53 වය­ස්වල තිදෙ­නකු වැඩි දුර විම­ර්ශන කට­යුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් තලා­තු­ඔය පොලිස් ස්ථාන­යට භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළ­කාය මහ­නු­වර කඳ­වුරේ නිල­ධා­රීන්ට යුද හමුදා බුද්ධි අංශ නිල­ධා­රී­න්ගෙන් ලද තොර­තු­ර­කට අනුව

විශේෂ කාර්ය බළකා අණ දෙන නිල­ධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි මහ­නු­වර කලා­පය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිෂේධ ප්‍රනාන්දු මහ­තාගේ මෙහෙ­ය­වීම මත, සහ­කාර පොලිස් අධි­කාරි අබේ­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් මහ­නු­වර කඳ­වුරේ උප පොලිස් පරී­ක්ෂක එච්.එම්.ඒ.යූ. බණ්ඩාර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම කර තිබේ.
(රක්ෂණ ශ්‍රියන්ත)