gnasara-court-order

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරමින් අද (9) අධිකරණය නියෝගයක් නිකුත් කළේය.


ඉස්ලාම් දහමට අපහාස කළ බවට වන චෝදනාවට අදාළ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඥාණසාර හිමියන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රත් අධිකරණයෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

2014 වසරේ කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමවුකදී මෙම අපහාසය කළ බවට


ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබූ අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.
මෙම නඩුව ලබන වසරේ මාර්තු 5 වනදා දක්වා කල්තබා තිබෙයි.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට පසුගිය මාර්තු මස 28 වැනිදා බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණි.ඒ අනුව වසර 4 ක් සිරගත කළ හිමි නම මාස 4 කින් ඇප මත නිදහස් විය.


මාර්තු 28 සිරගත කෙරුණද ඥාන­සාර හිමි මාර්තු 29 පෙර­ව­රුවේ බන්ධ­නා­ගර රෝහල් වෛද්‍ය­ව­රුන් විසින් පරීක්ෂා කර රෝගී තත්ත්ව­යන් මත බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ අතර පසුගිය කාලයේ බන්ධ­නා­ගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ රඳවා සිටියේ බරපතල වැඩද නොලබාය.
ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරී නමුත් නඩුව තවම අවසන් නැති අතර අද පැවති නඩුව මගහැරීම නිසා වරෙන්තු නිකුත් විය.