Grade-Five-scholarship-exam-paper-leaked
 පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.එම විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනට ලකුණු ලබා දීමටත් තීරණය කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව කියමිනි. විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට

අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මතයි.
එම කමිටුවේ නිර්දේශ වලට පෙර විභාග දෙපාර්තමේන්තුව මගිනුත්, කමිටුවේ නිර්දේශ මගින් හා අවසානයේ කමිටු නිර්දේශ සැලකූ දෙපාර්තමේන්තුව මගිනුත් යළි යළිත් පවසා ඇත්තේ විභාගය යළි නොපවත්වන බවට ඉහත තීන්දුවයි. මෙම තීන්දුවට එරෙහිව දෙමාපියන් අවස්ථා කිහිපයකදී උද්ඝෝෂණවලද නිරතවූ නමුත් තෙවැනි වතාවටත් හම තීන්දුවම ප්‍රකාශයට පත්ව ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනද ආරම්භ කළේය.



මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බවට චෝදනා එල්ලවූ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.