handunneththi-speaks

මාධ්‍යවේදියකුට පහරදීමක් සිදුව ඇත්නම් එය කවර තත්වයක් යටතේ වුව ද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.හඳුන්නෙත්ති මහතා මේ බව පවසන්නේ මාධ්‍යවේදියාට පහර දුන්නැයි ජාජබ ක්‍රියාකාරිකයෙක් දැලේ" යන සිරස්තලයෙන් ඊයේ (22)  පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.




සිද්ධියට මුහුණ පෑ වාර්තාකාර යසන්ත ආරියසේන මහතාට කනගාටුව පළ කරන බව පවසන හඳුන්නෙත්ති මහතා මෙසේ ද සඳහන් කරයි. ප්‍රවෘත්තියේ සඳහන් පරිදි වන සිදුවීමට ජාතික ජන බලවේගයේ සාමාජිකයකු, ආධාරකරුවකු හෝ හිතවතකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති බව වගකීමෙන් සඳහන් කරමි. එම සිදුවීම වී ඇත්තේ අදාළ රැස්වීම අවසානයේදී ප්‍රධාන මාර්ගයේදී බව එම ප්‍රවෘත්තියේම සඳහන් වන අතර, එම සිදුවීම අදාළ මාධ්‍යවේදියා අප සංවිධානයේ වගකිවයුත්තකුට ඒ පිළිබඳව නිශ්චිත දැනුම් දීමක් කර නොමැති බව ද සඳහන් කළ යුතුය. ඉහත සිදුවීමට ජාතික ජන බලවේගය කිසිවකුත් සම්බන්ධ නොමැත.එමෙන්ම අදාළ සිද්ධිය පිළිබඳව සිදුවන සියලු නීතිමය ක්‍රියා මාර්ගවලට අපගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ද මෙයින් සඳහන් කර සිටිමි.