hanwella-incident

ඩුබා­යිහි රැඳී සිටින ලලිත් කන්න­න්ගර නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව හංවැල්ල කහ­හේන නෙළු­ව­ත්තු­ඩුවේ පදිං­චිව සිටි බස් රථ හිමි කෝටි­පති ව්‍යාපා­රික වජිර නිශා­න්තට ටි 56 ගිනි­අ­වි­ය­කින් වෙඩි තබා ඝාත­නය කර ඇත්තේ යුද හමුදා විශේෂ බළ­කායේ සෙබ­ළෙක් විසින් බවට තොර­තුරු හෙළි­ක­ර­ගත් බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් බළං­ගොඩ නි‍ෙව­සක සැඟවී සිටි­යදී ඊයේ (07) ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



ඝාත­න­යට ලක් වූ වජිර නිශාන්ත නමැති 55 හැවි­රිදි කෝටි­පති ව්‍යාපා­රි­ක­යා­ගෙන් විදේ­ශ­ග­තව සැඟව සිටින මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වෙකු වන කන්නං­ග­රගේ ලලිත් කන්නං­ගර නමැත්තා විසින් ඉල්ලා සිටි කප්පම් නොදීම සම්බ­න්ධ­යෙන් උර­ණව මෙම ඝාත­න­ය­කර ඇති බව විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත.

ලලිත් කන්න­න්ගර නමැති පාතා­ලයේ අප­රා­ධ­කරු ඩුබා­යි­හිදී එරට පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබු­ණද ඔහුව මෙර­ටට ගෙන්වා ගැනීම සම්බ­න්ධ­යෙන් වූ ක්‍රියා­ව­ලියේ පැවති මන්ද­ගා­මී­කම හේතු­වෙන් ඔහුව මුදා හැර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

එසේ ඩුබායි පොලිස් අත්අ­ඩං­ගු­වෙන් නිද­හස් වීමෙන් අන­තු­රුව සිය ගෝල­යින් යොදා ඔහු මෙරට සිදු කරන අප­රා­ධ­වල වර්ධ­න­යක් සිදුව ඇති බව බුද්ධි අංශ සඳ­හ­න්කර ඇත. හංවැල්ලේ බස් රථ හිමි ව්‍යාපා­රි­කයා ඝාත­නය කරනු ලබන්නේ ඒ අනු­වය.



මෙම ඝාත­නය සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද ගුණ­රත්න සහ නියෝජ්‍ය පොලි­ස්පති ගයන්ත මාර­පන මහ­ත්ව­රුන් බස්නා­හිර පළාත දකුණු දිශාව අප­රාධ කොට්ඨා­සයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත කුමාර මහ­තාට ලබා­දුන් නියෝ­ග­යක් අනුව ඉතා සූක්ෂ්ම ලෙස විම­ර්ශන පවත්වා වෙඩි­ක්කරු සම්බ­න්ධ­යෙන් ලබා ගත් තොර­තුරු රැසක් ඔස්සේ දින කීප­යක් තුළදී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව පොලි­සිය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් මෙම සැක­ක­රු­ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­මේදී ඉකුත් 30 වැනි දින කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ නි‍ෙවස අස­ලට යතු­රු­පැ­දි­ය­කින් බැස පා ගම­නින් පැමිණ ඊට යාබ­දව තිබෙන කැලෑ­වක් සහිත ඉඩමේ සැඟව සිට ව්‍යාපා­රි­කයා ආලි­න්ද­යට පැමිණ පුටුවේ වාඩි වී සිටි­යදී නි‍ෙව­සට දකුණු පසින් තිබෙන අඩි හතක පමණ උස තාප්ප­යෙන් වත්තට පැන ව්‍යාපා­රි­ක­යාට වෙඩි තබා ඔහු පැලඳ සිටි පවුම් පහක පමණ රන්මා­ල­යද කොල්ලකා පා ගම­නින්ම පලා ගිය බව සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි.

අන­තු­රුව කන්නං­ගර නමැත්තා ලබා දුන් දුර­ක­තන ඇම­තු­මක් අනුව එම ගිනි­අ­විය සහ රන්මා­ලය යතු­රු­පැ­දි­ය­කින් පැමිණි පුද්ග­ල­යකු වෙත භාර­දුන් බවත් සැක­කරු අනා­ව­ර­ණය කළ බව පොලි­සිය කියයි.



ඉකුත් මස 9 සහ 19 වැනි­දින ද ව්‍යාපා­රි­කයා ඝාත­නය කිරීම සඳහා නි‍ෙවස අස­ලට පැමි­ණි­යද ඔහු නිර­තු­රු­වම පරි­හ­ර­ණය කරන කැබ් රථය නි‍ෙවස ඉදි­රි­පිට දකි­න්නට නොවීම හේතු­වෙන් ඔහු නි‍ෙවසේ නොමැති බව සිතා ආපසු හැරී ගිය බවත් පසුව ඒ පිළි­බඳ වැඩි­දු­ර­ටත් සොයා බැලී­මේදී එම කැබ් රථය ව්‍යාපා­රි­කයා විසින් විකුණා ඇති බවට අනා­ව­ර­ණය වීමෙන් අන­තු­රුව 30 වැනි­දින සවස 6.30 සිට නි‍ෙවස අසල රැක­වල්ලා සිට වත්තට පැන ව්‍යාපා­රි­ක­යාට වෙඩි තබා පලා ගිය බව විම­ර්ශන නිල­ධා­රීන්ගේ ප්‍රශ්න කිරීම් හමු­වේදී සැක­කරු වැඩි­දු­ර­ටත් පවසා ඇත. විදේ­ශ­ග­තව සැඟව සිටින ලලිත් කන්නං­ගර නමැ­ත්තාගේ කප්පම් ඉල්ලීමේ සිද්ධිය මුල්ක­ර­ගෙන හංවැල්ල පොලි­සි­යට පැමි­ණිලි දහ­ය­කට අධික ප්‍රමා­ණ­යක් ලැබී ඇති බවත් පැමි­ණිලි කිරී­මට බිය වූ ඇතැම් ව්‍යාපා­රි­ක­යන් ව්‍යාපා­රික ස්ථාන වසා ගෙවල් දොර­වල් අත්හැර වෙනත් ප්‍රදේශ කරා පදිං­චි­යට ගොස් ඇතැ­යිද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

අත්අ­ඩං­ගු­වට ගත් 31 හැවි­රිදි යුද හමු­දාවේ විශේෂ බළ­කායේ හිටපු මෙම සෙබළා හංවැල්ල දිද්දෙ­ණිය ස්ථීර පදිං­චි­ක­රු­වකු බවත් අප­රාධ සිදු කිරී­මෙන් අන­තු­රුව විවා­හක බිරි­යගේ ගම් ප්‍රදේ­ශ­යට ගොස් සැඟව සිටීම පුරු­ද්දක් කර­ගෙන තිබූ බව පොලි­සිය කියයි.

සැක­කරු සමඟ මෙම අප­රා­ධ­යට පැමිණි පුද්ග­ල­යන් සහ වෙඩි තැබී­මට යොදා­ගත් ගිනි­අ­විය සොයා විම­ර්ශන සිදු කිරීම සඳහා රැඳ­වුම් නියෝග මත තව­දු­ර­ටත් ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.

බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද ගුණ­රත්න, නියෝජ්‍ය පොලි­ස්පති ගයන්ත මාර­පන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරි ජනක කුමාර අධී­ක්ෂ­ණය යටතේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක වීර­සිංහ පොලිස් සැර­ය­න්ව­රුන් වන (40248) ප්‍රසන්න (72979) චමින්ද,(72338) ලලන්ත (69598) අනිල් පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (104675) කේෂර (87697) චානක (19363) සේනා­නා­යක මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.

(බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)