harin-uncle-badulla-meeting

“මම හරීන් බදු­ල්ලට ගෙනත් දැම්මේ පිරි­සුදු චේත­නා­වෙන්. ඒ හොඳ දේශ­පා­ලන ගම­නක් යන්න යොමු කර­න්නයි. හැබැයි එයාගේ පියා හිටියා නම් ඒක කර­නවා. නමුත් අවා­ස­නා­ව­කට එතුමා නැති වුණා. මේ යකා ඊට පස්සේ මෝඩ­යෙක් වුණා. දැන් එයාට වත්ත­ලත් නෑ, බදු­ල්ලත් නෑයි බදුල්ලේ හිටපු නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යකු වූ වින්සන්ට් ඩයස් මහතා පැව­සීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බල­වේ­ග­යෙන් පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යට තරග වදින සුසිලා ඩයස් මහ­ත්මිය ඇතුළු අපේ­ක්ෂ­ක­යන්ට සහ­යෝ­ගය පළ කිරී­මට පසු­ගි­යදා (16) හාලි­ඇළ ප්‍රදේ­ශයේ පැවැති ජන හමු­ව­කට එක් වෙමිනි.



එහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැව­සීය.
අවු­රුදු පහක් තිස්සේ මෙහාට එන්නේ නැතිව මෙහෙන් පැනලා ගියා. හරීන් මම ගෙනල්ලා බදු­ල්ලට දැම්මේ දේශ­පා­ල­නය කරන්න. හරීන් ගැන මතක් කර­න­වා­ට­වත් මාමා හැටි­යට මම කැමති නෑ. මතක තියා­ගන්න. මේ පාර මැති­ව­ර­ණ­යෙන් හොඳ පාඩ­මක් එයා ඉගෙන ගන්නවා. මම දැක්කා කට්ටිය කිය­නවා හරීන්ට කනේ පාරක් දෙන්න නම් නැන්දම්මා පාර්ලි­මේ­න්තුවේ වාඩි කර­වමු කියලා.

එයා ඉගෙන ගන්න ඕනෑ පාඩ­මක් මේක. දැන් ඩිලාන් අපේ බදුල්ලේ හෝට­ල්ව­ලට හොඳට බිස්නස් තිබෙ­නවා. හැබැයි තාම රෑට කෝල් එකක් දෙනවා. අන්න අත­නට එන්න කීවා කෑම වේලක් දෙනවා පැමි­ණි­යොත් බොන්න දෙනවා. චාම­රයා මිනි­සුන්ව විනාශ කර­නවා. කසිප්පු ගුලි ගුලි දෙන­වා­යිද පැව­සීය. එයා මෛත්‍රී ගුණ­ර­ත්නට ෂීට් එක දෙන­කොට මම කිව්වා දෙන්න එපා. ආණ්ඩු­කා­ර­ව­රයා මාස තුනයි.

හරිම අව­දා­නම්. ගමේ රත්නා­යක දන්නේ නෑ. කොහො­මද අපි ගිහින් මෙයාව මාර්කට් කරන්නේ. ඒත් අපි ගමට ගියා. මිනිස්සු පිළි­ගත්තේ නෑ. දාහ­ත­ර­දා­හ­කින් කෙලවා ගත්තා බදුල්ල ආස­නය, ඔන්න තත්ත්වය. ඊට පස්සේ මම කීවා ඔයා ආයේ මේ වැඩේ කරන්න එපා ඇවිල්ලා බදුල්ලේ මිනිස්සු එක්ක එකතු වෙලා මේ ගමන යන්න එත­කොට අපිත් එක්ක හිටිය එයා මොකද කළේ උඩ තට්ටු­වට ගිහින් සජිත් මහ­ත්ත­යාට කතා කර පැය භාග­ය­කින් විතර ඇවිත් කීවා අන්කල් ඔන්න මම වැඩේ කළා, බැලි­න්නම් මිනිහා මොකක්ද කරලා තිබෙන්නේ. නැන්දම්මා ඒ පුටුවේ වාඩි කර­වලා. අන්න හරි මම ඇන්ටිව වාඩි කළා. මම කොළඹ වත්ත­ලම ඉන්නවා, ආපසු එතැ­නට ගිය එයා කිය­නවා අන්කල් ඇන්ටි ලැහැස්ති වෙලා තමයි මේ මිනිස්සු හුර­තල් කරන්නේ. මම ඇවිල්ලා පොඩි මියු­සි­කල් ෂෝ එකක් දාලා පොඩ්ඩක් කන්න බොන්න දුන්නාම ඔක්කොම මගේ පිටි පස්සේ ඉන්නවා කිව්වා. මම කිව්වා එහෙ­නම් පුතා ඒක කරලා බලන්න. බොහෝම බලා­පො­රොත්තු තියා­ගෙන හිටියා. ආණ්ඩුව පැර­දිලා නිල නිවසේ තිබූ බඩු අදි­න­කො­ටත් මම හිටියා ගෙදර. මෙයා පොඩ්ඩක් කන­ගා­ටු­වෙන් ඉන්නවා මම ගිහින් කතා කළා. නෑ අන්කල් බය වෙන්න එපා. මම බඩු අර­ගෙන ගෙදර ගියාට ඊළ­ඟට බඩු අදින්නේ ටෙම්පල් ට්‍රිස් එකට කිව්වා. දැන් ඉතින් අදින්න පුළු­වන් ටෙම්පල් ට්‍රිස් එකට නොවැ­ම්බර් 14න් පස්සේ.



එයා තෝරා ගත්තේ අපව විනාශ කරපු රනිල්ව. සජ­බෙට ඇවිත් බෝනස් ෂිට් එකෙන් පාර්ලි­මේ­න්තු­වට ගියේ. අර නානා­ය­ක්කාර එක්ක එකතු වෙලා ඉස්සර වෙලාම සජිත් අමා­රුවේ දාලා පාර්ලි­මේ­න්තුවේ අනික් පැත්තට ගියා. පක්ෂ­යට කරන්න පුළු­වන් හැම හතු­රු­ක­මක්ම ඊට පස්සේ කළා.

දිස්ත්‍රි­ක්ක­යට කාන්තා නායි­කා­වක් අව­ශ්‍යයි. කාන්තා­වන් වෙනු­වෙන් සට­නක් ගෙනි­යන්න නෑ. ඒ නිසා අපි පරණ දේශ­පා­ල­නය කරන උද­විය තාමත් ජන­තාව අතර ඉන්නවා. අත­හැ­රලා ගියේ නෑ. අපි ඕක භාර­ගෙන අපි ජන­තාව වෙනු­වෙන් ජීව­ත්වන දේශ­පා­ල­න­ඥ­යන්. පිරි­සුදු දේශ­පා­ල­න­යක් කරන මිනිස්සු යැයිද හිටපු නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා තව­දු­ර­ටත් පැව­සීය.
( බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන)