hasalaka-incident

පෙර පාස­ල්ව­ලට සහ එහි අධ්‍යා­ප­නය ලබන දරු­වන්ට උදව් උප­කාර කරන මුවා­වෙන් පැමිණ එම දරු­වන්ගේ කන කර රන් ආභ­රණ සොර­කම් කරන බව කියන තරුණ අඹු සැමි යුව­ළක් හස­ලක පොලි­සිය විසින් පෙරේදා (22) හස­ලක 4 ඇළ ප‍්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පදි­ය­ත­ලාව ප‍්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බව කියන 27 හා 26 හැවි­රිදි වියේ පසු­වෙන මෙම තරුණ අඹු­සැමි යුවළ අවු­රුදු 04 ක් පමණ වය­සැති ඔවුන්ගේ කුඩා දැරි­යක් සමඟ ප‍්‍රදේ­ශයේ ක‍්‍රියා­ත්මක පෙර පාස­ල්ව­ලට ගොස් එහි පාලි­කාව සහ මවු­පි­යන් කිහි­ප­දෙ­නෙකු හමුවී පව­සන්නේ තමන් ස්වේච්ඡා සංවි­ධා­න­යක නියෝ­ජි­ත­යින් බවත් මෙම පෙර පාස­ලට අවශ්‍ය උප­ක­රණ සහ දරු­වන්ට අවශ්‍ය පොත් පත් හා ඔවුන්ගේ නිල ඇඳුම් නොමි­ලයේ ලබා දිය හැකි බවත්ය.

එම කතා බහෙන් අන­තු­රුව ඔවුන් පෙර පාස­ලට අවශ්‍ය උප­ක­රණ ලේඛ­න­යක් පාලි­කා­ව­ගෙන් ලබා ගන්නා අතර, දරු­වන්ගේ සපත්තු හා නිල ඇඳුමේ ප‍්‍රමා­ණ­යන් ලබා ගැනී­මට කට­යුතු කරනු ලබයි. එම කට­යු­ත්තෙන් පසු පාලි­කා­වගේ සහ මවු­පි­යන් කිහි­ප­දෙ­නෙ­කුගේ දුර­ක­තන අංකද ලබා­ගෙන මේ උප­ක­රණ සහ ඇඳුම් ඉතා ඉක්ම­නින්ම ලබා­දෙන බව කියා මවු­පි­ය­න්ගෙන් තේ එකක් ද පානය කර ඉතා සුහ­ඳව පිටව යයි.

එම පාසලේ ගැහැනු දරු­වන් නිවෙ­ස්ව­ලට ගිය පසු මවු­පි­යන් දකින්නේ තම දරු­වාගේ ගෙල බැඳ තිබූ රන් පංචා­යු­ධය හෝ කනේ තිබූ කරා­ඹුව අතු­රු­දන්ව ඇති බවකි. පසු දින පෙර පාස­ලට පැමි­ණෙන මවු­ව­රුන් මේ සම්බ­න්ධ­යෙන් අනෙක් මවු­ව­රුන් සම­ඟද කතා කරන විට එම මවු­ව­රුන්ද තමන්ගේ දරු­වාගේ රන් ආභ­රණ අතු­රු­ද­න්වීම ගැන සඳ­හන් කරයි.



මෙවැනි සිදු­වීම් පෙළක් මහි­යං­ග­ණය පුරා ඇති අතර, පෙර පාසල් පාලි­කා­වන් හා මවු­ව­රුන් මේ සම්බ­න්ධ­යෙන් මහි­යං­ගණ පොලි­සි­යට පැමි­ණිලි කිරී­මෙන් අන­තු­රුව පොලි­සිය එම පැමි­ණිලි පිළි­බ­ඳව පරී­ක්ෂණ පව­ත්වන අතරේ පෙර පාසල් පාලි­කා­වන්ගේ සංස­දය මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා යව­මින් ප‍්‍රචා­ර­යක්ද කරනු ලැබීය.

මේ අතර පෙරේදා (22) දහ­වල් හස­ලක පොලිස් වසමේ කිණ­පැ­ලැස්ස ග‍්‍රාම නිල­ධාරි වසමේ ක‍්‍රියා­ත්මක පෙර පාස­ල­කට සිය කුඩා දරු­වාද සමඟ ති‍්‍රරෝද රථ­ය­කින් පැමිණි මෙම යුවළ පෙර පාසල් පාලි­කාව හමුවී තමන් අස­වල් ස්වේච්ඡා සංවි­ධා­න­යෙන් බවත් තම ආය­ත­න­යට මෙම පෙර පාස­ලට අවශ්‍ය උප­ක­රණ හා දරු­වන්ගේ නිල ඇඳුම ලබා දීමට හැකි­යා­වක් පව­තින බවත් සඳ­හන් කර තිබේ.



මෙම අයගේ ක‍්‍රියා කලා­පය සමාජ මාධ්‍ය ඔස්සේ මෙහි පාලි­කාව දැනු­වත්ව තිබූ හෙයින් ඔවුන්ව පාසල තුළ වාඩි­ක­රවා පිට­තට ගොස් ගමේ කිහිප දෙනෙකු මෙම සොර යුවළ සම්බ­න්ධව දැනු­වත් කොට ඔවුන් පෙර පාස­ලට ගෙන්වා ගැනී­මෙන් අන­තු­රුව පොලි­සි­යද දැනු­වත් කර තිබේ. එම දැනු­වත් කිරී­මත් සමඟ පොලිස් ස්ථානා­ධි­පති ප‍්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.එන්.අයි. දිසා­නා­යක මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ඒ.ඩබ්ලිව්. රාජ­පක්ෂ මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් පෙර පාසල වෙත පැමිණ විස්තර ලබා ගැනී­මෙන් අන­තු­රුව ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා මහි­යං­ග­ණය පොලි­සිය වෙත භාර දීමට කට­යුතු කරනු ලැබීය.

මෙවැනි වංචා­කාර පුද්ග­ල­යින් තමන්ගේ පෙර පාස­ලට දහම් පාස­ලට පැමි­ණී­මට ඉඩ ඇති හෙයින් ඒ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත්ව සිටින ලෙස හස­ලක පොලි­සිය පෙර පාසල් හා දහම් පාසල් ගුරු­ව­රුන්ව දැනු­වත් කිරී­මක් කරනු ලබයි.
(හස­ලක ඊ.එම්.එස්. ඒක­නා­යක)