hingurakgoda-incident

මිතුරු සාද­ය­කට පැමිණ දහ හතර හැවි­රිදි දැරි­ය­කට ලිංගික අත­වර කිරී­මට තැත් කළැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් දැරි­යගේ පියාගේ මිතු­රකු අත්අ­ඩං­ගු­වට ගත් බව හිඟු­ර­ක්ගොඩ පොලි­සිය පව­සයි.



මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ හිඟු­ර­ක්ගොඩ නග­රයේ පදිංචි 41 හැවි­රිදි පුද්ග­ල­යෙක් වන අතර, සැක­කරු දරු­වන් දෙදෙ­න­කුගේ පියකු බව ද පොලි­සිය කියයි. අත­ව­ර­යට පත් දැරි­යගේ පියා සමඟ මත්පැන් පානය කිරීම සඳහා සැක­කරු සහ තවත් මිතු­රකු ඉකුත් 16 වැනිදා රාත්‍රී දැරිය වාසය කළ නි‍ෙව­සට පැමිණ ඇති අතර, සාදය අව­සා­න­යේදී සැක­කාර මිතුරා එම නිවෙසේ නවා­තැ­න්ගෙන ඇති බවට තොර­තුරු හෙළිවී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

සිද්ධිය වූ දින රාත්‍රී එකට පමණ දැරිය සහ ඇගේ මව නිදා සිටි කාම­ර­යට පැමිණ ඇති සැක­කරු දැරි­යට අත­වර කිරී­මට උත්සාහ ගැනී­මේදී මව අව­දිවී කෑ ගසා ඇති බවත් පසුව නිවැ­සි­යන් අව­දීවී සැක­කරු අල්ලා ගස් බැඳ පොලි­සි­යට දැනුම් දුන් බවත් වාර්තා වෙයි.



සැක­කරු හිඟු­ර­ක්ගොඩ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

හිඟු­ර­ක්ගොඩ සහ­කාර පොලිස් අධි­කාරි සුදත් අස්ම­ඬල මහ­තාගේ මෙහෙ­යුම මත හිඟු­ර­ක්ගොඩ වැඩ බලන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විම­ල­දාස මහ­තාගේ උප­දෙස් මත හිඟු­ර­ක්ගොඩ පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි පොලිස් පරී­ක්ෂිකා රාජ­පක්ෂ, පොලිස් සැර­යන් ප්‍රියන්ත (51138) යන නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.
මින්නේ­රිය  - සුසිල් කරු­ණා­ති­ලක