hirunika-sjb

අද (13දා) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ,
සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරන තමා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවයි.  ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .



පසුගිය ජනාධිපතිවරණ පරාජයට ආසන සංවිධායකවරුන් වගකිවයුතු බවත් ඔවුන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් එම පරාජයේ සිදුවූ බවටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු විසින්ම කරන ලද චෝදනාව අසා  තමන් දැඩි කලකිරීමට පත්වූ බවත් 'අපි ඇත්තටම මේ කරන්නේ කුමක්ද' යන ගැටලුවක සිටින බවත් කියා සිටියාය.



 තමන් සමගි ජනබලවේගය යටතේ මැතිවරණයට තරග කරන්නට නම ලබාදී ඇති බව සත්‍යයක් වන නමුත් ඉදිරියට දේශපාලන කටයුතු සිදු කරන්නේ කලකිරීමකින් හා වගකීම් වලින් ඉවත් වීමට තීරණය කළ පසුබිමක බවයි.

මින් ඉහත දේශපාලන ආරංචි වලින් පැවසුනේ ජලනි ප්‍රේමදාස සමගි වනිතා බලවේගයේකටයුතු වලට අතගසා ඇති නිසා ඇය හිරුණිකා සමග විරසකයක පසුවන බවයි.