hirunika-sjb

 සමගි ජන බලවේගය (SJB) කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවේ ඇයගේම කඳවුරේ කිහිප දෙනෙකු ඇ​යට ප්‍රශ්න ඇති කරන බවයි.



“පසුගියදා අපේ පක්ෂයට සම්බන්ධ වූ මගේම දේශපාලන කඳවුරේ සමහර අය මට ප්‍රශ්න ඇතිකරමින් මට මඩ ගහනවා,

” ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අය ගැන දන්නා බවත් වැඩි කල් යන්නට මත්තෙන් පක්‍ෂය නිසි මගට ගෙන එනු ඇති බවත් මම විශ්වාස කරනවා,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඉදිරියේදී SJB ප්‍රතිසංවිධානය කරන බවද ඇය පැවසුවාය. සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව කියමින් මීට සති දෙකකට පමණ පෙර  ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර විවේචනාත්මක මාධ්‍ය හමුවක්ද පවත්වා තිබුණි.