idh-water-bottle

අයි.ඩී.එච්. හන්දියේ ප්‍රසිද්ධ අව­න්හ­ල­කින් ජල බෝත­ල­යක් පානය කළ තරු­ණි­ය­කට වම­නය යාමෙන් පසු එම ජල බෝත­ල­යද රැගෙන ගොත­ටුව පොලි­සිය වෙත පැමිණ පැමි­ණි­ල්ලක් කර තිබේ.



පෙරේදා (17) සවස ඇය තම යෙහෙ­ළි­යන් දෙදෙ­න­කුද සමඟ අයි.ඩී.එච්. හංදියේ පිහිටි ප්‍රසිද්ධ අව­න්හ­ලක් වෙත තේ පානය සඳහා ගොස් ඇත. එහිදී පීසා, රෝල්ස් ආදිය කෑමෙන් පසු පානය සඳහා ජල බෝත­ල­යක් ඉල්ලා ඇත.

“එහි සේව­ක­යෙක් ගෙනැ­විත් දුන් වතුර බෝත­ලය කඩා මුලින්ම මම වතුර ටිකක් කටේ හලා ගත්තා. ඒ එක්කම මගේ බඩ පපුව පිච්චිලා යනව වගේ දැනුණා. මට වම­නෙත් ගියා.” යනු­වෙන් ඇය පොලි­සි­යට පවසා ඇත. එම අව­ස්ථාවේ අව­න්හ­ලට පැමිණ සිටි වෛද්‍ය­ව­ර­යකු එම බෝත­ලය පරීක්ෂා කර බලා එහි ඇත්තේ සර්ජි­කල් බව පවසා සිටි බවද ඇය පොලි­සි­යට ප්‍රකාශ කර තිබේ.

ඒ මොහො­තේම ඇය මිතු­රි­යන් දෙදෙ­නාද සමඟ වතුර බෝත­ල­යද රැගෙන ගොත­ටුව පොලි­සිය වෙත පැමිණ පැමි­ණිලි කර ඇත.

ගොත­ටුව පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර සිටියේ එම ජල බෝත­ලය වැඩි­දුර විම­ර්ශන සඳහා ගොත­ටුව සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලය වෙත භාර දුන් බවය.

මේ සම්බ­න්ධ­යෙන් ගොත­ටුව සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී චමින්ද හපු­ආ­රච්චි මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඒ මහතා පවසා සිටියේ ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කළ බවයි.
(මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ, මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි)