imthiyas-speaks

පසු­ගිය ජන­ප­ති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිංහ දියත් කළේ අන් අය මරා තමන් සිය­දිවි හානි කර ගැනීමේ මෙහෙ­යු­මක් යැයි සමගි ජන බල­වේ­ගයේ සභා­පති ඉම්ති­යාස් බාකීර් මාකාර් මහතා පව­සයි.
මල්වතු අස්ගිරි මහ­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ දෙනම බැහැ­දැක ආශී­ර්වාද ලබා ගැනී­මෙන් පසු මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් සමගි ජන බල­වේ­ගයේ සභා­ප­ති­ව­රයා මෙසේ ද පැව­සු­වේය.



"රනිල් උත්සාහ කළේ එයත් විනාශ වෙන ගමන් අපි­වත් විනාශ කර­න්නයි. ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් අජිත් මාන්න­ප්පෙ­රුම ඉවත් කළේ පසු­ගිය ජන­ප­ති­ව­ර­ණ­යේදී එම ආස­නයේ ප්‍රති­ඵල අධ්‍ය­ය­නය කිරී­මෙන් පසු දුර්වල බවට තහ­වුරු කර ගැනී­මෙන් පසු­වයි. එසේ වුවත් ඔහුට අසා­ධා­ර­ණ­යක් නොවන ලෙස මහ­මැ­ති­ව­ර­ණය සඳහා තරග කිරී­මට අව­ස්ථාව ලබා­දුන්නා. හැම පක්ෂ­ය­කම ගැටලු තිබෙ­නවා. විශේ­ෂ­යෙන් නාම­යෝ­ජනා ලබා­දෙන අව­ස්ථා­වල මේ ගැටුම් ඉහළ යනවා.

යම් කල­කි­රී­මක් නිසා සමගි වනිතා බල­ම­ණ්ඩ­ල­යෙන් ඉවත් වූ හිරු­ණිකා අපිත් එක්ක වැඩ කර­නවා.

අද රට වැටිලා තිබෙන ප්‍රපා­ත­යෙන් ගොඩ­ගන්න නම් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන. අපේ න්‍යාය පත්‍රය සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී න්‍යාය පත්‍ර­යක්. අපි එජා­ප­යෙන් කැඩිලා ආවේ පක්ෂ­යට උරුම ගම­නින් බැහැර වී අන්ත දක්ෂි­ණාං­ශික ගම­නක් ගිය නිසයි. අපි ගොඩ­නැ­ඟුවේ ප්‍රග­ති­ශීලි බල­වේ­ග­යක්. කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යෙන් අපි කඩා­ගෙන ආවේ ප්‍රග­ති­ශීලි ගම­නක් යන්නයි. වත්මන් ජනා­ධි­පති සමඟ එකට ගම­නක් යන්න අපිට ගැට­ලු­වක් බාධා­වක් නැහැ. රට වෙනු­වෙන් කළ යුතු යුතු­කම් හා වග­කීම් සම්බ­න්ධ­යෙන් අපි අව­බෝ­ධ­යෙන් කට­යුතු කරන්නේ. "