inside-political-story

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එකිනෙකා මුණගැසුණේ කොළඹ තරු පන්තියේ නොවන පුංචි අවන්හලකදීය.

“දැන් ඉතින් අපිට තියෙන්නේ මහ මැතිවරණය ජයගන්නයි. ඒක එතරම්ම පහසු නැති වුණත් අමාරුත් නෑ. මොකද අනුර කුමාරලා කරගෙන යන්නේ අපේ වැඩපිළිවෙළයි. ඒ ගොල්ලෝ කිව්වේ අයි. එම්. එෆ් එකෙන් අයින් වෙනවා.

අපේ කොන්දේසිවලට ඒගොල්ලෝ යටත් වෙන්න ඕනෑ කියලයි. එහෙත් දැන් අපිටත් වැඩිය හොඳට එය කරගෙන යන්නේ. එතකොට බුද්ධිමත් ජනතාව දන්නවා මේ ගොල්ලෝ ස්ටේජ් එකේ කිව්වේ බොරු කියලා”. තරුණ පෙනුමැති හිටපු ඇමැතිවරයා කතාවට මුල පිරුවේ එහෙමය.



“වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා කියපු කතාව හරි. මේ රටේ පෝලිම් යුගය නැති කරලා රට ශාපයෙන් ගලවාගත් නායකයාට මේ රටේ ජනතාව කෘතවේදී වුණේ නෑ. මගේ වුණත් ගණන් බැලීම වුණේ ඒ සාධකය මත අපට දිනන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ සාධකය මත කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දීපු නැති විශාල පිරිසක් මේ පාර ඡන්දය දුන්නා. දකුණු පළාත නියෝජනය කළ හිටපු අමැතිවරයෙක් කීවේය”.

“ගෝඨාභය මේ තරම් විනාශයක් මේ රටේ දේශපාලන සංස්කෘතියට කරයි කියලා මමනම් හීනෙකින්වත් හිතුවේ නෑ. අන්තිමටම අරගලකාරයෝ කියන රස්තියාදුකාරයන්ට ඕන විදියට රටේ දේශපාලනය හසුරුවන්න සිද්ධවෙලා තියෙනවා. ගෝඨාභය ඇඩ්‍රස් නැති කර ගත්තේ ගොඩක් දෙනෙක් ගෙ ඇඩ්‍රස් නැති කරලා". කවදත් කට කැඩිච්ච කතාවලට ප්‍රසිද්ධ හිටපු අමාත්‍යවරයෙක් කීවේය.

“ඒ තමයි රාජපක්ෂලාගේ හැටි". හිටපු ඇමැතිවරයෙක් එක්වරම කීවේය.

“තේරුණෙ නෑ, ඒ කියපු දේ”. හිටපු ඇමැතිවරයෙක් කීවේය.

“රාජපක්ෂලාගේ සිස්ටම් එක තමයි තමන්ට නැත්නම් අනුන්ටත් නෑ කියන එක”. එසේ කී හිටපු ඇමැතිවරයා උදාහරණයක්ද ගෙනහැර දැක්වීය.

“මතකනේ දින 52 ආණ්ඩුව. ඒ වෙලාවේ අපට බහුතරය පෙන්වන්නත් තිබුණා. එහෙත් බැසිල් ලොක්කා ඒකට කිසිම උත්සාහයක් ගත්තේ නෑ. මොකද ඒ වෙනකොට එයා පාර්ලිමේන්තුවේ නෑ.

එයා නැති

ආණ්ඩුවක් පිහිටුවනවට එයා කැමැති වුණේ නෑ". කතාබහ ඉදිරියට ඇදීගියේ එවැනි අතීත සිදුවීම් බොහොමයක්ද සමගිනි. සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් වී තිබේ. මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටය. එජාපයේ ප්‍රබලයකු වන දොස්තර රාජිත සේනාරත්න ප්‍රසිද්ධියේම විපක්ෂ විපක්ෂ නායකවරයා විවේචනය කරන්න පටන් ගත්තේය.

“එයා මොකටද රනිල්ට පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්න කියන්නේ. රනිල් ඡන්දයට එන්නෙත් නැතිනම් ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නැතිනම් එයා පක්ෂ නායකත්වයේ හිටියට සජිත්ට තියෙන රුදාව මොකක්ද ? රාජිත කෙළින්ම ප්‍රශ්න කළේය.

“සජිත් රනිල් වික්‍රමසිංහට බයයි. මොකද ඉස්සරහට ආර්ථික අර්බුදයක් ආවොත් මිනිස්සු බලන්නේ සජිත් දිහාවත් රාජපක්ෂ දිහාවත් වෙන කවුරු හරි දිහාවත් නොවෙයි, රනිල් වික්‍රමසිංහ දිහා. ඒ වගේ වෙලාවක් ආවොත් රනිල් නැෂනල් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙලා ජනාධිපති වෙලා රටට උත්තේජනයක් දෙනවා සජිත් රනිල්ට බය ඒ නිසයි”.

"දැන් යූඑන්පි සජබෙ සන්ධානය ද හැදෙන්නේ නැති නම් සජබෙන් කවුරුවත් යුඑපීයට එන්නේ නැද්ද" ? මාධ්‍යවේදියෙක් රාජිත සේනාරත්නගෙන් විමසුවේය.


“මෙහෙමයි එන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ඉන්න අයගේ නම් කිව්වොත් ඔබ පුදුම වෙයි.

හැබැයි ආවේ මමයි තලතයි විතරයි. අනිත් අයට තියෙන ප්‍රශ්නය මොකක්ද දන්නවාද? රනිල් නිවැරැදියි. ඒත් රනිල්ට ඡන්ද දිනන්න බෑ. සජිත් දුර්වලයි. ඒත් එයාට ඡන්ද දිනීමේ සම්භාවිතාව වැඩියි. මෙතන තියෙන ප්‍රශ්නය ඕකයි”.

රාජිත ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.

මෙවර මහ මැතිවරණය මෙරට දේශපාලන  ක්ෂේත්‍රයට ඉතිහාසයේ මැතිවරණයක් බවටඅන්කවරදාටත් වඩා බලපෑමක් කරන මහ පත්ව තිබේ.


“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ පාර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවද"? නාමල්ගෙන් එසේ විමසුවේ පවුලේ හිතවතකුය. “ඔව් අප්පච්චිත් ඒ ගැන හිතලා තියෙනවා. දැන් විවේක සුවයෙන් හිටියොත් හොඳයි කියලත් අප්පච්චි කියනවා. කොහොමත් පවුලේ අයත් එක්ක සාකච්ඡා කරලා බලන්න ඕනෑ". නාමල් කීවේය. නාමල් කී පරිදිම මහින්ද රාජපක්ෂගේ පුතුන් දෙදෙනා හා ශිරන්ති රාජපක්ෂට පමණක් සීමා වූ සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂගේ නිවසේ පවත්වා තිබේ.

“ලොකු අප්පච්චිත් මේ පාර ඉල්ලන්නේ නැහැ”. නාමල් සාකච්ඡාව ආරම්භ කරමින් කීවේය. නාමල් ලොකු අප්පච්චි යැයි කීවේ මහින්දගේ වැඩිමල් සොහොයුරු චමල් රාජපක්ෂටය.

“මම දැන් විවේකයෙන් ඉන්න ඕන. ඕනෑම වගකීමක් අරගෙන ඒක හරියට කරන්න දැන් නාමල්ට පුළුවන්”. මහින්ද රාජපක්ෂ කීවේය. ඒ අනුව මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම අනිවාර්ය වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ. ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු නොඑන බව රනිල් කියා තිබේ. මෙයට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ. ඔහුගේ පුත් දහම් සිරිසේන පියාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂය සමග එක්ව තිබේ. ම

ෙරට දේශපාලනයේ පතාක යෝධයන් වන එස්. බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, එච්. එම්. පවුසි, තිස්ස විතාරණ, ගාමිණී ලොකුගේ, විජයදාස රාජපක්ෂ, අලි සබ්‍රි, විග්නේශ්වරන් මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී විශාල පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවට වාර්තා වේ.

“මට නම් මේ දේශපාලනය හොඳටම කලකිරුණා” හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන කීවේය.

පොහොට්ටුවේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කිරීමට ගිය පොහොටුවේ මැති ඇමැතිවරුන් අවසානයේදී තීන්දු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෑස් සිලින්ඩරයෙන්ම මහ මැතිවරණයට ඉදිරිපත් වීමටය.

“ඒ ලකුණ දැන් ජනතාවට හුරුයි". හිටපු ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ කීවේය.

“අපි අගමැති අපේක්ෂකයා නම් නොකර ඉමු. ඡන්දයෙන් පස්සේ බහුතරය බලලා ඒ අනුව තීන්දුවක් ගමු” හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව ලකුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

“අපිට ජනාධිපතිවරණයේ දී අවාසි වුණේ අපි තරගයට බැස්සේ පරක්කු වෙලා. අපි කැම්පේන් එක ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ ධම්මික පෙරේරා මහත්තයාට. එතුමා බෑ කියන කොට දවස් දෙකයි තිබුණේ ” නාමල් රාජපක්ෂ කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක සන්ධානගත වුණේ අන්තිම මොහොතේ. ඒක ටිකක් කලින් වුණානම් මීට වඩා වාසියක් ගන්න තිබුණා". පොහොට්ටුවේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.

 “අපට හැම දිස්ත්‍රික්කයකින්ම නාම යෝජනා දෙක බැගින් ඕනෑ". ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ කීවේය. එයට පොහොට්ටුවේ අනුමැතිය ලැබී තිබේ.

- පන්දමා