ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයන්හට මුදල් ගෙවන ලෙසට ලබාදෙන ඇමතුම්වලට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම කාර්යංශය සඳහන් කරයි.
එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා සඳහන් කළේ මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයන් කිසිවකු යළිත් මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
යම් පුද්ගලයකු විසින් දුරකථන ඇමතුම් ලබාදෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයන් වෙත දැනුම්දී ඇති බවට පැමිණිලි කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පෙරේදා (21 වැනිදා) ලැබුණු බව ගාමිණී සෙනරත් යාපා මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය.
"ඊශ්‍රායලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ රැකියා සඳහා යෑමට නියමිතව සිටින පිරිස මේ වනවිට අදාළ ගෙවීම් කරලා තිබුණත් රුපියල් 14,700ක මුදලක් නැවත ගෙවන ලෙසට ඔවුන්ට වංචනිකව කිසියම් පුද්ගලයකු විසින් පණිවුඩයක් යොමුකරලා තියෙනවා. ඔහු හඳුන්වා දීලා තියෙන්නේ කාර්යාංශයේ නිලධාරියෙක් විදියට.
එවැනි තොරතුරක් කිසිදු ආකාරයකට කාර්යාංශය විසින් නිකුත් කරලා නෑ. 123 දෙනෙක් පමණ රැකියා සඳහා යෑමට නියමිතව තියෙනවා. ඔවුන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව තමා අපි විමර්ශන සිදුකළේ. අනෙක් කාරණය වන්නේ මේ ඇමතුම ලබාදීලා තියෙන පුද්ගලයා සඳහන් කරලා තියෙනවා යම් වාණිජ බැංකුවක ගිණුමකට සල්ලි බැරකරන ලෙස. කිසිදු ආකාරයක එවැනි ක්‍රියාවක් කාර්යාංශය මගින් සිදු නොකරන බව මෙයින් දැනුම්දෙනවා. එවැනි දෙයක් ඇත්නම් 1989 දුරකථන අංකයට යොමු කරන්න කියලා ඉල්ලනවා.
(නිර්මාණි තිලකසිරි)
0 Comments