
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප මත නිදහස් විය.
මොහු මැතිවරණයට තරග කරන බව පවසමින් ඇප ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත නිදහස ලබාදීමට කැමති විය.
ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියේය.
එහිදී මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණත් නඩුව ගැන කිසිවක් කීමට ඔහු කැමති නොවූ අතර උසාවි නඩුවක් තිබෙන නිසා මේ ගැන කතා කළ නොහැකි බව කීය. ඒ ගැන නැවත අසද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ,
අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවකි.
තමා ඉදිරි මහ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කරන බව ද ඒ සදහා වැඩ තිබෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval