johnston-letter

බීඑම්ඩබ්ලිව් වාහනයක් වංචනික ලෙස සඟවා තැබීමට චෝදනාවල ලක්වූ හිටපු ඇමතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් මැගසීන් බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති යයි පැවසෙන නිවේදනයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි. එහි ඔහු වීරත්වයට නගාගෙන අදහස් පළකර ඇති අතර ඊළග මහමැතිවරණයේ සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින් ඇමතූ සටහනක් ලෙස හඳුනාගන්නට ලැබේ.


එහි එක් තැනක දැක්වෙන්නේ,
"2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බවය.
"2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රග දැක්වීම ආරම්භ කර ඇත'"බවද ජොන්සටන් පැහැදිලි කර තිබේ.

"එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.

මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.මා ජිවිතයේ මුහුන දුන් අභියෝග හා සැසදීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය."

යනුවෙන් ඉතාම ව්‍යක්ත ලෙස සිය වීර ගති ස්වාභාවය ප්‍රකට කර ඇති ජොන්ස්ටන් අවසානයේ කියා ඇත්තේ,

"කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණත් අපේ පාක්ෂිකයනුත් සුරකිමි.
මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කළ ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදිමි" යනුවෙනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු 2022 අරගලයේ ප්‍රතිප්‍රහාර එල්ල කර මහත් ව්‍යසනයක් රටේ ඇති කරන්නට මුල්වූ සංසිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකි.ඔහුට එරෙහිව සතොස නඩුව,මත්පැන් බදු නොගෙවීමේ නඩු, කුරුණෑගල රාජසභාව විනාශ කිරීමට අනුබල දීම ඇතුළු නඩු ගණනාවක් පැවති අතර බොහෝ විට රාජ්‍ය බලය පැවති කාලයේ ඇසුණ මෙම නඩු කිසිවකින් ඔහු පරාජය නොවීම විශේෂත්වයකි.