kalubowila-deathborelesgamuwa-man

 මත්ද්‍රව්‍ය ද සමග අත්අඩංගුවට ගැනුණ සැකකරුවකු බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී පසුගිය 9 දින  සවස හදිසියේ රෝගාතුරු වී කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටියදී මියගිය බව බොරලැස්ගමුව පොලීසිය සදහන් කරයි.



 

මිය ගොස් ඇත්තේ ගෝනපොළ, පලන්නෝරුව, ගමගොඩ පාරේ පදිංචිව සිටි ඒ.ඩබ්ලිව්.එස්. ලසිත් මැන්ඩිස් නමැති තිස් නව හැවිරිදි අයකු බව පොලිසිය කියයි.බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීම් රාජකාරියේ නිරතව සිටියදී ලැබුණු තොරතුරක් අනුව පිළියන්දල මොරටුව පාරේ නිවෙසක් වටලා මොහු අත්අඩංගුවට ගෙන සිටි බව පොලිසිය කියයි.




අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6430, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6430, හෙරොයින් මත්ද්‍රව්‍ය ඔතා තිබූ කොළ කැබලි හාරසීයක් තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර මීට අමතරව පසුම්බියක තිබී රුපියල් 5,810 මුදලක් ද මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගත් බවට සැලකෙන තරාදියක් ද මෙම නිවෙසේ තිබී සොයා ගෙන තිබේ. සොයාගන්නා ලද මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද ඒවා බවට පොලිසිය සැක කරයි.


අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි අතරවාරයේ පපුව රිදෙන බව පවසා ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොහු පොලිස් ජීප් රථයේ දමා ගෙන කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ

 සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව එහි වෛද්‍යවරුන් පැවැසූ බව පොලිසිය පැවැසීය.මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය