kandatoduwawa-sisters-deaths

පුත්තලම, මදු­ර­න්කු­ලිය, කන්ද­තො­ඩු­වාව ගම්මා­නයේ පදිං­චිව සිටි එකම පවුලේ සොහො­යු­රි­යන් තිදෙ­නකු සති­යක් වැනි කෙටි කාල­ය­කින් විටින් විට මර­ණ­යට පත්ව ඇත.

පළමු සහෝ­ද­රිය මිය­යෑ­මෙන් ඇති වූ හිත් වේද­නාව මත දෙවැනි සහෝ­ද­රි­යත් ඒ දෙදෙ­නාගේ මර­ණ­ව­ලින් සිත් වේද­නා­වට පත්ව තෙවැනි සහෝ­ද­රි­යත් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ කන්ද­තො­ඩු­වාවේ පදිංචි එකම පවුලේ සොහො­යු­රින් තිදෙ­නකු වන 77 හැවි­රිදි වය­ලට් පීරිස්, 70 හැවි­රිදි ලුසි පීරිස් හා 67 හැවි­රිදි ඇනි පීරිස් නමැති එකම පවුලේ සොහො­යු­රි­යන් තිදෙ­නෙකි.



මේ තිදෙ­නාම විවා­හක කාන්තා­වන් වන අතර ඔවුන් තම සැමි­යන් හා දරු­වන් සමඟ වෙන වෙනම කන්ද­තො­ඩු­වාව ගම්මා­නයේ ඔවුන්ගේ නිවෙ­ස්වල වාසය කර ඇත. පසු­ගිය සතියේ පළ­මුව මේ සොහො­යු­රි­යන්ගේ බාල නැග­ණිය වන 67 හැවි­රිදි ඇනි පිරිස් මහ­ත්මිය හදි­සියේ ඇතිවූ අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී මිය­ගොස් ඇත. එසේ මර­ණ­යට පත්වූ ඇනි පිරිස් මාතාව දරු­වන් තිදෙ­න­කුගේ මවකි.

ඇනි පිරිස් මවගේ මර­ණින් දින තුනක් යද්දී ඒ වන විටත් රෝගී තත්ත්ව­යෙන් පසුවූ ලුසි පිරිස් නමැති සහෝ­ද­රිය මිය­ගොස් ඇත. ඇය ද දරු­වන් තිදෙ­න­කුගේ මවක් වන අතර දරු මුණු­බු­රන් සිටි ඇයගේ මර­ණින් පසු ඥාතීන් දැඩි කම්ප­න­යට පත්ව සිටිති.

තම බාල සොහො­යු­රි­යන් දෙදෙනා හදි­සියේ මිය යෑමෙන් මහත් කම්ප­න­යෙන් සිටි වැඩි­මල් සොයු­රිය වන වය­ලට් පිරිස් මාතාව පසුව මිය­ගොස් ඇත.



සොයු­රි­යන් දෙදෙ­නාගේ මර­ණය ගැන දැඩි කල­කි­රී­මෙන් පසුවූ ඇය ද නොසිතූ ලෙස ජීවි­තය හැර­ගොස් ඇත්තේ දෙවන මර­ණ­යෙන් දින තුන­කට පසු­වය.

මේ සොයු­රි­යන් තිදෙනා දැඩි ලෙන්ග­තු­ක­මින් ජීවත් වූ බවත් ඔවුන් අතර පුදු­මා­කාර සහෝ­දර බැඳී­මක් තිබූ බව ද පවුලේ උද­විය මෙන්ම අස­ල්වැ­සියෝ ද පව­සති.

මේ සහෝ­ද­රි­යන් තිදෙ­නා­ගෙන් වැඩි­මල් සොහො­යු­රිය වූ වය­ලට් පිරිස් (77) මහ­ත්මි­යගේ මර­ණ­යෙන් බර­ප­තළ මාන­සික බිඳ වැටී­ම­කට ලක්ව ඇති ඇයගේ සැමියා වන 82 හැවි­රිදි ජෝන් ප්‍රනාන්දු මහතා දෑස්වල කඳුළු පුරවා ගනි­මින් මෙසේ පැව­සු­වාය.

“එයා නංගි­ලාගේ මර­ණය දරා ගන්න බැරිව ලොකු හිත් තැවු­ලෙන් හිටියේ. එයා නංගිලා එක්ක පුදුම බැඳී­මක් තිබුණේ. ඒක මම හොඳ­ටම දැක්කා. ඒ මරණ දෙක අපි කාටත් දරා­ගන්න බැරිව හිටියේ. ඒ මර­ණ­ව­ලින් කම්ප­න­යෙන් තමා මගේ නෝනා මේ තරම් හදි­සියේ මර­ණ­යට පත්වුණේ.



අපි දෙන්නා කව­දා­වත් රණ්ඩු වෙලා නැහැ. ඒ තර­මට අපි දෙන්නා අතර බැඳී­මක් තිබුණා. මට දැන් අවු­රුදු 82ක් වුණාට අපි දෙන්නා කිසිම දව­සක ගෙදර ඇඳන් දෙකක නිදා ගත්තේ නැහැ. එකම ඇඳේ ආද­ර­යෙන් හිටියේ. එහෙම හිටිය මට මේ මර­ණය ලොකු කම්ප­න­යක් වුණා” ඔහු හැඟී­ම්බ­රව කඳුළු සල­මින් පැව­සීය.

පවුලේ ඥාතීන් පව­සන්නේ මේ මරණ තුන සති­යක් තුළදී සිදු­වී­මත් සමඟ තමන් දැඩි සංවේ­ග­යට පත්ව ඇත්තේ හිතා ගත නොහැකි අයු­රින් මේ මරණ නොසිතු ලෙස සිදු­වීම හේතු­වෙනි.
(හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)