kandy-koggala-hambantota-cinnaman-air

මහ­නු­වර, සීගි­රිය සහ දකුණු වෙරළ තීරයේ ගම­නා­න්ත­යන් වන කොග්ගල සහ හම්බ­න්තොට සම්බන්ධ කර­මින් දින­පතා ගුවන් ගමන් දෙකක් ක්‍රියා­ත්මක කිරී­මට මෙරට ප්‍රමු­ඛ­තම දේශීය ගුවන් සේව­යක් වන Cinnamon Air ගුවන් සේවය පිය­වර ගෙන තිබේ.

මෙම ගුවන් ගමන් එළ­ඹෙන නොවැ­ම්බර් 1 වැනි දින සිට ආරම්භ කිරී­මට නිය­මි­තව තිබෙන අතර ශීත සමයේ නිවාඩු ගත­කි­රීම සඳහා පැමි­ණෙන විදේශ සංචා­ර­ක­යන්ගේ පැමි­ණී­මට කාලා­නු­රූ­පව මෙම ගුවන් සේවය 2025 අප්‍රේල් 30 දක්වා ක්‍රියා­ත්මක වේ. සංස්කෘ­තික ත්‍රිකෝ­ණය හෝ මධ්‍යම කඳු­ක­රයේ සංචා­රය කිරී­මෙන් පසු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ගවේ­ෂ­ණය කිරී­මට කැමැති සංචා­ර­ක­යන්ට අස­ම­සම අත්දැ­කී­මක් මෙම­ඟින් සහ­තික කරන අත­රම පහ­සුව වැඩි කිරී­මට සහ ගමන් කාලය අඩු කිරී­මට මෙම අභ්‍ය­න්තර ගුවන් ගමන් සැල­සුම් කර ඇත.



මෙම ගුවන් ගමන් සම­ඟින්, මගීන්ට සංස්කෘ­තික ත්‍රිකෝ­ණයේ ඕනෑම ප්‍රදේ­ශ­යක සිට (සීගි­රිය හරහා) හෝ මධ්‍යම කඳු­ක­රයේ (මහ­නු­වර හරහා) සිට දකුණු වෙරළ තීර­යට මිනිත්තු 40ත් 50ත් අතර කාල­යක දී ගමන් කිරී­මට හැකි­වී­මෙන් ඒ සඳහා සාමා­න්‍ය­යෙන් වැය­වුණු පැය 6ත් 7ත් අතර වන ගමන් කාලය දිව­යිනේ සුන්දර වෙරළ තීරයේ ගත කිරී­මට අව­ස්ථාව ලබා­දෙයි.

Cinnamon Air හි Cessna 208 ගුව­න්යානා ඇණිය මඟින් මෙම සේවා සප­යනු ලබන අතර, මහ­නු­වර සිට දකුණු වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගය ජල­යෙන් ගුව­න්ගත වීම සම්බන්ධ අද්වි­තීය සංචා­රක අත්දැ­කී­මක් ලබා­දෙයි. සශ්‍රීක වනා­න්තර, කඳු බෑවුම් සහ පෞරා­ණික වෙරළ තීර­යන් ඇතු­ළුව ශ්‍රී ලංකාවේ විවිධ හා සිත් ඇද­ගන්නා සුළු භූ දර්ශන බාධා­ව­කින් තොරව නැර­ඹී­මට

විශාල ජනේල සහිත ගුව­න්යානා ඒ සඳහා විශේ­ෂ­යෙන් තෝරා­ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ගමන් රටා වෙනස් වෙමින් පව­තින බව නිරී­ක්ෂ­ණය කිරී­මෙන් පසු මෙම ගුවන් සේවය හඳුන්වා දීමට තීර­ණය කළ බව සින­මන් එයාර් හි ප්‍රධාන විධා­යක නිල­ධාරී ෂෝන් ඩ්වයිට් පව­සයි.