කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු අටක පමණ බාලවයස්කාර පාසල් සිසුවියකට අවස්ථා කිහිපයකදී වරින් වර අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රජයේ විද්‍යාලයක විදුහල්පති හිමිනමක සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා ඇතැයි කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරි ඒකකයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව එම ඒකකය කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද දැනුම් දීමකට අනුව අදාළ මූලික විමර්ශන අරඹා තිබේ. එකී විමර්ශන අනුව මේ වනවිට අදාළ දැරියගෙන් සහ දැරියගේ මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පවසන කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර විදුහල්පති හිමි නම අද (02දා) අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කියයි.
මේ අතර සැකකාර විදුහල්පති හිමිනම විසින් අපයෝජනය කර ඇති බව කියන අට හැවිරිදි දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ. සැකකාර හිමිනම වැඩවසන විහාරස්ථානය ඉදිරිපිට මෙම දැරියගේ නිවස පිහිටා ඇති බවත්, දැරිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවල මෙම අපරාධය සිදුකර ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
(උපාලි ආනන්ද)
0 Comments